॥ කොටස
** ප්‍රශ්න අංක 41 සිට 50 දක්වා ප්‍රශ්නවලට දී ඇකි හිස්තැන මත පිළිතුරු සපයන්න. එක් ප්‍රශ්නයකට ලකුණු
02 බැගිනි.
41. 21 චන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ නව කොමිෂන් සභා 02 කවරේ ද?
2. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
42. 21 වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ප්‍රධාන වෙනස්කම් 02ක් සඳහන් කරන්න.
2. ස්වාධීන කොමිෂන් සභා 9ක් ඇති කරන ලදී. මේ යටතේ ගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යළි පිහිටුවන ලදී
43. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් නොවන තැනැත්තන් පත් කිරීමේ දී
අදාළවන විධිවිධාන 02ක් සඳහන් කරන්න.
2. දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවිය යුතුයි
3. පාර්ලිමේන්තුවේ අනුමැතිය තිබිය යුතුයි
44. අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල කවරේ ද?
1. ඕනෑම අවස්ථාවක අමාත්‍යවරයෙක් වෙත පැවරී ඇති විෂයයන් වෙනස් කරීමට බලය ඇත
2. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමට බලය ඇත
45. අග්‍රාමාතාවරයාගේ ධුරය අවසන් විය හැකි අවස්ථා 2ක් සඳහන් කරන්න.
1. මිය යාමෙන්
2. ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලිපියක් මාර්ගයෙන් ඉල්ලා අස් වීමෙන්
3. ජනාධිපතිවරයා විසින් සිය අත්සනින් යුතුව යවනු ලබන ලිපියක් මගින් අස් කිරීමෙන්
46. අමාත්‍ය මණ්ඩලය විසිරෙන අවස්ථා 02ක් සඳහන් කරන්න.
1. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය/ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන්
2. ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීමෙන්
47, විගණන කොමිෂන් සභාවේ හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයින් රජයේ නිලධාරීන් වශයෙන් සැලකෙන අවස්ථාව කුමක් ද?
දණ්ඩනීති සංග්‍රහයේ IX පරිච්ඡේදයේ කාර්යයන් සඳහා ඔවුන් රජයේ නිලධාරීන් වශයෙන් සැලකේ
48. විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යයන් 02ක් සඳහන් කරන්න.
1.
අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ට
අදාලව කාර්ය පටිපාටික රීති රෙගුලාසි පටිපාටි සකස් කිරීම
2. ජාතික විගණන කාර්යාලය හොවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු සකස් කිරීම
49. විගණන කොමිෂන් සභාවට නීති කෘත්‍යවලින් මුක්නියක් හිමි වන්නේ කවර විධිවිධානවලට යටත්ව ද?
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පිරිනමා ඇති අධිකරණ බලයට යටත්ව හා
2. පරිපාලන අභියාචන විනිෂ්චය අධිකාරියට ප්‍රදානය කොට ඇති බලතලවලට යටත්ව
50. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කාර්යයන් 04ක් දක්වන්න.
1.
වැඩ, භාණ්ඩ, සේවා, උපදේශන සේවා සහ තොරතුරු පද්ධති ප්‍රසම්පාදනය
සම්බන්ධයෙන් විනිවිද පෙනෙන, සාධාරණ, යුක්ති සහගත සඵලතාවයෙන් යුත් කාර්ය
පටිපාටි උපමාන සකස් කිරීම
2. ප්‍රසම්පාදනය පෙර අනුමත ක්‍රියාකාරී සැලැස්මකට අනුකූලද යන්න නියාමනය කොට වාර්තා කිරීම
3. සියල්ලන්ටම ප්‍රසම්පාදනයට සහභාගි වීමට සමාන අවස්ථා ලබා දී ඇත්ද යන්න නියාමනය කොට වාර්තා කිරීම
4. කොන්ත්‍රාත්කරුවන්/ සැපයුම්කරුවන් තෝරාගැනීම සාධාරණ හා විනිවිදභාවයෙන් යුක්තදැයි නියාමනය කොට වාර්තා කිරීම
5. ප්‍රසම්පාදන කමිටු, තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයින් සුදුසුකම් ලබා ඇති අයද යන්න පිළිබඳව වාර්තා කිරීම
6. පිලිගත් පටිපාටිවලින් බැහැරව කරන ලද ප්‍රසම්පාදන වාර්තා විමර්ෂණය කිරීම
III කොටස
** ප්‍රශ්න අංක 51 සිට 55 දක්චා සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගිනි.
51. 21 චන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ගණන කීය ද? ඒ කවුරුන් ද?
ව්‍යවස්ථාදායක සභාවවේ සාමාජිකයන් 10 දෙනෙකි.
* අගමැති 1
* කථා නායක 1
* විපක්ෂ නායක 1
* ජනාධිපති ඍජුව පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 1
* අගමැති නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ බහුතර එකඟත්වයෙන් ජනාධිපති පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 1
* විපක්ෂ නායක නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟතාවයෙන් ජනාධිපති පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 1
* ආණ්ඩු පක්ෂය, විපක්ෂ නායකවරයාගෙ පක්ෂය නොවන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟතාවය මත ජනාධිපති පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
* අගමැති, විපක්ෂ නායක දෙදෙනාගේ එකඟතාවය මත කතානායක නාම යෝජනා කරන ලද තැනැත්තන් 3 දෙනෙක්
52. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද ස්වාධීන කොමිෂන් සභා ගණන කීය ද? ඒ මොනවා ද?
ස්වාධීන කොමිෂන් සභා ගණන 9 කි
මැ.රා.ජා.ශ්‍රී.අ.මු.සීමා, විගණන, ජාතික ප්‍රසම්පාදන
1 මැතිවරණ සේවා
2 රාජ්‍ය සේවා
3 ජාතික පොලිස් සේවා
4 ශ්‍රී ලංකා මානව හිමිකම්
5 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ
6 මුදල්
7 සීමා නිර්ණ
8 විගණන සේවා
9 ජාතික ප්‍රසම්පාදන
53. ජනාධිපනිවරයා චිසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත්කරන තනතුරු
මොනවා ද?
තනතුරු 6
ප.පා.නී.වි.පො.අධිපති
1 පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්
2 පාර්ලිමේන්තු මහ ලේකම්
3 නීතිපති
4 විගණකාධිපති
5 පොලිස්පති
6 මහ බැංකු අධිපති
මෙයට අමතරව ජනපති විසින් පත් කරනු ලබන තනතුරු
7 අග විනිසුරු
8 අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු
9 ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්
10 අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්
54. I. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයනිගේ ධූරය අවසන් චන අවස්ථා 05ක් සඳහන් කරන්න.
1. ජනාධිපති අමතා යවනු ලබන ලිපියක් මගින් ධූරයෙන් ඉල්ලා අස් වීම
2. කායික මානසික දුබලතාවය මත ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම
3. චරිත දූෂණ වරදකට අධිකරණයේ වරදකරු කරනු ලැබුවහොත්
4. ප්‍රජා අශක්නුතාවයට පත් වුවහොත් (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 ව්‍යවස්ථාව අනුව)
5. පිට පිට වාර 3ක් රැස්විම් සඳහා සහභාගි නොවුනහොත් හෙවත් ධූරය අතහැර ගියහොත්
॥. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ ව්‍යවස්ථාව අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IX වන පරිච්ඡේදයේ
කාර්යයන් සඳහා රජයේ නිලධාරීන් වශයෙන් නොසලකන නිලධාරීන් කවුරුන් ද?
IX පරිච්ඡේදයේ දැක්වෙන්නේ රාජ්‍ය සේවය පිළිබඳවයි
1. යුධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයින්
2. මැතිවරණ කොමිෂන් සභාව පත් කරන නිලධාරියෙක්
3. අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කරන නිලධාරියෙක්
4. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කරන නිලධාරියෙක්
5. විගණන කොමිෂන් සභාව විසින් පත් කරන විගණන සේවයේ නිලධාරියෙක්
රජයේ නිලධාරියා
අධීකරණ නිලධරයකු හැර ජනරජය යටතේ වැටුප් ලබන ධූරයක් ලබන තැනැත්තකු අදහස් කෙරේ
පහත තැනැත්තන් ඇතුලත් නොවේ
(පාර්ලිමේන්තුව ඇතුලත තනතුරු 8)
ජනාධිපති
අගමැති
කථා නායක
පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක්
නියෝජ්‍ය අමාත්‍යවරයෙක්
පාර්. මන්ත්‍රීවරයෙක්
පාර්. මහ ලේකම්
පාර්. මහ ලේකම්ගේ කාරුය මණ්ඩලය
(කොමිෂන් සභා තනතුරු 12)
මැ.
රා.
ජා.
ශ්‍රී.
අ.
මු.
සීමා.
විගණන,
ප්‍රසම්පාදන,
රාජ්‍ය භාෂා,
වි.වි. ප්‍රතිපාදන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවල සාමාජිකයින්
විගණකාධිපති
මහ බැංකු අධිපති
මීට
අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ ව්‍යවස්ථාව ප්‍රකාරව පහත නිලධාරීන්ද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IX පරිච්ඡේදයේ කාර්යයන් සඳහා රජයේ නිලධාරීන් නොවේ
1. යුධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයින්
2. මැතිවරණ කොමිෂන් සභාව පත් කරන නිලධාරියෙක්
3. අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කරන නිලධාරියෙක්
4. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කරන නිලධාරියෙක්
5. විගණන කොමිෂන් සභාව විසින් පත් කරන විගණන සේවයේ නිලධාරියෙක්