මුදල් රෙගුලාසි 1

 

 1. රජයේ ආයතනයක්‌ දරණ ප්‍රධාන වියදම්‌ වර්ග 02 කවරේ ද?

පුනරාවර්ථන/ වර්තන වියදම්
මූලධන/ ප්‍රාග්ධන වියදම්


2. පුනරාවර්තන වියදම්‌ යනු මොනවා ද?

නිතර නිතර දැරීමට සිදුවන
වියදමේ ප්‍රතිලාභ දිගු කාලයක් ලබා නොදෙන
වියදමේ ප්‍රතිලාභ වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ලබා දී අවසන් වන
වියදමින් වත්කමක් බිහි නොවන වියදම් පුනරාවර්ථන වියදම් වේ


3. ප්‍රාග්ධන වියදම්‌ හෙවත්‌ මුලධන වියදම්‌ යනු මොනවා ද?

නිතර නිතර දැරීමට සිදු නොවන
වියදමේ ප්‍රතිලාභ දිගු කාලයක් තිස්සේ ලබා දෙන
වියදමේ ප්‍රතිලාභ කෙටි කාලයක් තුල ලබා දී අවසන් නොවන
වියදමින් වත්කමක් බිහිවන වියදම් පුනරාවර්ථන වියදම් වේ


4. විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල්‌ යනු මොනවා ද?

පාර්ලිමේන්තුවේ සම්මත කරන යම්කිසි ව්‍යවස්ථාවක්, නීතියක් අනුව පිහිටුවා ඇති අරමුදල් හෙවත් නියමිත කාර්යයකට නීතියෙන් වෙන් කර ඇති අරමුදල්ය. එම අරමුදලට ආදායම් ලැබෙන ආකාරයත් එයින් වියදම් දරණ ආකාරයත් එම පනතේම සඳහන් කර ඇත.


5. විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල්‌ සඳහා අයවැය ආධාර අපේක්ෂා කරන්නේ නම්‌, අදාළ අමාත්‍යාංශ ලේකම්‌ විසින්‌ අයවැය අධ්‍යක්ෂ ජනරාල්‌ වෙත සැපයිය යුතු තොරතුරු මොනවා ද?

යම් අරමුදලක අරමුදල් ප්‍රමාණවත් නොවේ නම් අදාල අමාත්‍යංශ ලේකම් විසින් අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙතින් අයවැය ආධාර ඉල්ලා සිටිය හැක. පහත තොරතුරු සැපයිය යුුතුය.

අයවැය ආධාරයේ ප්‍රමාණය
අයවැය ආධාරය ඉල්ලීම සාධාරණීකරණය සඳහා හේතු

අයවැය අධ්‍යක්ෂ මෙම තොරතුරු පිළිබඳ සෑහීමකට පත් වේ නම් මෙම ඉල්ලීම කෙටුම්පත් ඇස්තමේන්තුවට ඇතුලත් කරන අතර අදාල අමාත්‍යංශ වැය ශීර්ෂයේ දායක මුදල් හෝ ප්‍රදාන ලෙස මුදල් ලබා දේ.‍


6. ඒකාබද්ධ අරමුදල යනු කුමක්‌ ද?

ඒකාබද්ධ අරමුදල යනු ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාව අනුව නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් නොකළ ජන රජය සතු අරමුදල් වේ.


7. ඒකාබද්ධ අරමුදලින්‌ දරණ ප්‍රධාන වියදම්‌ වර්ග 02 කවරේ ද?

සැපයුම් සේවා වියදම්
විශේෂ නීති සේවා වියදම්


8. සැපයුම්‌ සේවා යටතට වැටෙන ප්‍රධාන වියදම්‌ වර්ග 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වාර්ෂික විසර්ජන පනතෙන් මුදල් වෙන් කරන වියදම්
  2. පරිපූරක ඇස්තමේන්තු යෝජනාවකින් මුලද් වෙන් කරන වියදම්
  3. ආ.ව්‍ය.වේ 150.3, 150.4 මගින් පැවරෙන අධිකාරි බලය යටතේ ජනාධිපතිවරයා මුදල් ඉවත් කරගැනීම්
  4. නිදන් අරමුදලට කරන මාරු කිරීම්
  5. වාර්ෂික පොලී අරමුදලට කරන පොලී ගෙවීම්
  6. ඒකාබද්ධ අරමුදල රැස් කිරීම කළමනාකරණය කිරීම පවත්වාගැනීම සඳහා දරන වියදම්
  7. පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන වෙනත් වියදම්


9. විශේෂ නීනි සේවා වියදම්‌ යනු මොනවා ද?

වාර්ෂිකව පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගැනීම අවශ්‍ය නොවන වියදම්ය.
සැපයුම් සේවාවලට අදාල නීති හැර (එනම් විසර්ජන පනත) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත විධිවිධානයකින් හෝ වෙනත් නීතියක පනතක නිශ්චිත විධිවිධානයකින් හෝ ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතු බවට සඳහන් වියදම් විශේෂ නීති සේවා වියදම්ය.


10. සැපයුම්‌ සේවා හා විශේෂ නීනි සේවා අතර ඇති වෙනස්කම්‌ 2ක්‌ සඳහන්‌ කරන්න.

  1. සැපයුම් සේවා වියදම් සඳහා වාර්ෂිකව පාර පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය වේ. විශේෂ නීති සේවා වියදම් සඳහා වාර්ෂිකව පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවේ
  2. සැපයුම් සේවා වියදම් යනු ප්‍රධාන වශයෙන් වාර්ෂිකව විසර්ජන පනතෙන්, පරිපූරක ඇස්තමේන්තු යෝජනාවලින් හෝ ආ.ව්‍ය.වේ 150.3 හා 150.4 අනුව ජනාධිපති විසින් මුදල් වෙන් කරගැනීම්ය. විශේ නීති සේවා යනු සැපයුම් සේවාවලට අදාල නීති හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත විධිවිධානයකින් හෝ වෙනත් නීතියක පනතක නිශ්චිත විධිවිධානයකින් හෝ ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතු බවට සඳහන් වියදම්ය.
  3. සැපයුම් සේවාවලට අදාල වන්නේ සාමාන්‍ය, අධියාචන සහ විශේෂ වොරන්ට් බලපත්‍රයි. විශේෂ නීතිවලට අදාල වන්නේ විශේෂ නීති හා පරිපූරක විශේෂ නීති වොරන්ට් බලපත්‍රයි.
  4. සැපයුම් සේවාවල මූල්‍යකරණ සංකේතය 11ය. වි‍ශේෂ නීති සේවාවල මූල්‍යකරණ සංකේතය 21ය.
  5. සැපයුම් සේවා වියදම් කෙටුම්පත් විසර්ජන පනතේ සහ විසර්ජන පනතේ ඇතුලත්වේ. විශේෂ නීති සේවා වියදම් කෙටුම්පත් විසර්ජන පනතේ හෝ විසර්ජන පනතේ ඇතුලත් නොවේ.


11. විශේෂ නීති සේවා වියදම්‌ සඳහා උදාහරණ 04ක්‌ දක්වන්න.

  1. ජනාධිපතිවරයොගේ වැටුප, දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ 36
  2. මැතිවරණ කොමසාරරිස්වරයාගේ වැටුප, දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ 103
  3. විගණකාධිපතිවරයාගේ වැටුප දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ 153
  4. ඔම්බුඩ්ස්මන්වරයාගේ වැටුප, දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ  156
  5. වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් (වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් පනත)
  6. සේවක අර්ථසාධක අරමුදලේ කාර්ය මණ්ඩල වැටුප (සේවක අර්ථසාධක අරමුදල් පනත)


12. ජනාධිපතිගේ අධිකාර බලයකින්‌ ඒකාබද්ධ අරමුදලින්‌ මුදල්‌ වෙන්‌ කරන අවස්ථා 02 කවරේ ද?

  1. ආ.ව්‍යවස්ථාවේ 150.3 - ඊළඟ වසරේ වියදම් දැරීමට විසර්ජන පනත සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉක්මවන දිනය තෙක් කාලයට අදාල රටේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් වෙන්කර ගැනීමට ජනාධිපතිට හැකියාව ඇත.
  2. ආ.ව්‍යවස්ථාවේ 150.4 - ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් සඳහා දිනයක් නියම කර ඇති අවස්ථාවකදී එම මැතිවරණය සඳහා කලින් ප්‍රතිපාදන සලසා නොතිබුනේ නම් මැතිවරණ කොමසාරිස්වරයා විමසා අවශ්‍යයයි සැලකෙන මුදලක් එකාබද්ධ අරමුදලෙන් වෙන්කර ගැනීමට ජනාධිපතිට හැකියාව ඇත.


13. විසර්ජන පනත්‌ කෙටුම්පත විසර්ජන නීතිය බවට පත්වීමට ඉටුවිය යුතු අවශ්‍යතා 02 ක්‌ සඳහන්‌ කරන්න

  1. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබීම 
  2. කතානායකවරයා අත්සන් කර තිබීම


14. ඉදිරි වර්ෂයේ වියදම්‌ දැරීමට, ආදායම්‌ එකතු කිරීමට, ණය ලබා ගැනීමට බලයදීම හැරුණුවිට, විසර්ජන පනත මඟින්‌ පාර්‌ලිමේන්තුවට නීත්‍යානුකූලව බලය පැවරීමක්‌ සිදු කරන වෙනත්‌ කරුණු 02 ක්‌ සඳහන්‌ කරන්න.

  1. අත්තිකාරම් ගිණුම්වල සීමා  සංශෝධනය කිරීමට මුදල් ඇමතිවරයාට බලය පැවරීම(උපරිම වියදම් සීමාව/ උපරිම හර සීමාව, උපරිම හර ශේෂ සීමාව, උපරිම බැර ශේෂ සීමාව, අවම ලැබීම් හෙවත් අවම බැර සීමාව)
  2. වීරමොන් පටිපාටිය යටතේ ප්‍රතිපාදන මාරු කිරීමට නියමිත බලධාරීන් වෙත බලය පැවරීම


15. අමාත්‍යාංශ ලේකම්ට බලය නොමැති අවස්ථාවල මුලධන වියදම්‌ සඳහා පුර්ව අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්‌ ද?

රු.මි. 10-100ත් අතර නම් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ජනරාල්ගෙන්
රු.ම්. 100ට වැඩි නම් අමාත්‍ය මණ්ඩලයෙන්


16. අචිනිශ්චිත අවස්ථා අරමුදල පිහිටුවීමට අදාළ පනත කුමක්‌ ද? අරමුදලේ වටිනාකම කොපමණ ද?

1979 අංක 35 දරණ අවිනිශ්චිත අවස්ථා අරමුදල් පනත
රු.මි. 150ක වටිනාකමක් ඇත


17. අවිනිශ්චිත අවශ්‍යතා අරමුදලින්‌ අත්තිකාරමක්‌ සැපයීමට පෙර, සලකා බැලිය යුතු ප්‍රධාන කොන්දේසි 02 කවරේ ද?

  1. ජාතික ආපදාවක් වැනි හදිසි අවස්ථාවක් උදා වී තිබීම
  2. වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හා අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති වීම

අමතර ප්‍රතිපාදන සලසාගැනීමට භාවිතා කල හැකි විකල්ප ක්‍රමවේද නම්; වීරමොන් පටිපාටිය, අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ සංචිත ප්‍රතිපාදනවලින්, පාර්ලිමේන්තුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම


18. අවිනිශ්චිත අරමුදලින්‌ මුදල්‌ සැපයීමට බලය ඇත්තේ කාට ද?

ජනාධිපතිවරයාගේ එකඟතාවය මත අමාත්‍යවරයා වෙත


19. රාජ්‍ය ආදායම යනු කුමක්‌ ද?

ආපසු ගෙවීම අතහැර, රජයට ලැබෙන, ප්‍රතිපූර්ණ ඇතුළු, දළ ආදායම


20. වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

ආ.ක්‍ර.ව්‍ය.වේ. 150.1 මු.රෙ. 90
පාර්ලිමේන්තුවේ සම්මුතියෙන් පසුව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කරගැනීම සඳහා මුදල් ඇමතිවරයාගේ අත්සනින් නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලයි


21. සාමාන්‍ය වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

සැපයුම් සේවා වියදම් සඳහා වෙන් කල ප්‍රතිපාදනවලින් අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව රඳවා නොගත් ප්‍රතිපාදන වැය දැරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලකි.


22. අධියාචන වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

සැපයුම් සේවා වියදම් සඳහා වෙන් කල ප්‍රතිපාදනවලින් අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව රඳවාගත් ප්‍රතිපාදන වැය දැරීමට පසුව තීරණය කලහොත් එම වැය දැරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලකි.


23. විශේෂ වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

සැපයුම් සේවා වියදම් සඳහා ‍වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විට, අමතර වියදම් දැරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවෙන් අනුමත කලහොත් එයින් වියදම දැරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලකි.


24. විශේෂ වොරන්ට්‌ බලපත්‍රය හා පරිපුරක විශේෂ නීනි වොරන්ට්‌ බලපත්‍රය අතර ඇති වෙනස්කම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

විශේෂ වොරන්ට්‌ බලපත්‍රය

පරිපුරක විශේෂ නීනි වොරන්ට්‌ බලපත්‍රය

සැපයුම් සේවාවලට අදාල වේ.

විශේෂ නීති සේවාවලට අදාල වේ

සැපයුම් සේවාවලට ප්‍රමාණවත් මුදල් නොමැති විට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවෙන් අනුමත කරවාගන්නා අමතර වියදම් දැරීමට මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන අදිකාරී බලය සහිත ලියවිල්ලකි

කෙටුම්පත් ඇස්තමේන්තුවේ විශේෂ නීති සේවා සඳහා වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විට අමතර ප්‍රතිපාදනයක් භාණ්ඩාගාරයෙන් සපයන විටක එයින් වියදම් දැරීමට මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන අදිකාරී බලය සහිත ලියවිල්ලකි



25. වොරන්ට්‌ බලපත්‍රයක අධිකාර බලය නොමැතිව, ඒකාබද්ධ අරමුදලින්‌ වියදම්‌ දැරිය හැකි අවස්ථා 02 කවරේ ද?

ආ.ව්‍යවස්ථාවේ 150.3 හා 150.4 අනුව ජනාධිපතිවරයා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගන්නා අවස්ථා දෙකයි


26. ප්‍රතිපාදන යනු කුමක්‌ ද?

යම් වැය විෂයක් සඳහා වාර්ෂික විසර්ජන පනතින් සිදු කරනු ලබන කරන මූල්‍යමය වෙන් කිරීම. ප්‍රතිපාදන සීමාව තීරණය කරනුයේ පාර්ලිමේන්තුවයි. එම සීමාව මත පිහිටා කටයුතු කිරීම වැය ශීර්ෂ ප්‍රධානියකු වග බලාගත යුතුය.


27. අක්මුදල්‌ යනු මොනවා ද?

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් වැය ශීර්ෂයක ප්‍රධානියෙකුට අනුදත් ගෙවීම් කිරීම සඳහා නිල බැංකු ගිණුමට වරින් වර නිකුත් කරන මුදල්ය


28. වැය වර්ගීකරණ ඒකක මොනවා ද?

ශීර්ෂය, වැඩසටහන, ව්‍යාපෘතිය, වැය විෂය


29. අය වර්ගීකරණ ඒකක මොනවා ද?

ආදායම් ශීර්ෂය, උප ශීර්ෂය, විෂය, උප විෂය


30. ශීර්ෂයක වැඩසටහන්‌ ප්‍රධාන වශයෙන්‌ දෙකකි. ඒ කවරේ ද?

01 - මෙහෙයුම් වැඩසටහන
02 - සංවර්ධන වැඩසටහන


31. වැය විෂයක්‌ යන්න කෙටියෙන්‌ පැහැදිලි කරන්න.

එක හා සමාන ස්වරූපයේ වියදම්වල එකතුවකි (උදා - අතිකාල හා නිවාඩු දින වැටුප් 1002) වැය විෂයක් ඉලක්කම් 4කින් සංකේතවත් කෙ‍ෙර්. පුනරාවර්තන වියදම් එක් දහස් ඛාණ්ඩයෙන්ද මූලධන වියදම් දෙදහස් ඛාණ්ඩයෙන්ද සංකේතවත් කෙරේ.


32. පරිපුරක ඇස්තමේන්තුවක්‌ යනු කුමක්‌ ද?

වාර්ෂික විසර්ජන පනතින් අයවැය ලේඛණයෙන් වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විටක අමතර ප්‍රතිපාදනයක් වෙන් කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යෝජනාවකි.


33. අග්‍රිම අධිකාර බලය යනු කුමක්‌ ද?

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂයක ප්‍රධානියෙකුට ඊලඟ වර්ෂයේ අනුදත් ගෙවීම් කිරීමට අග්‍රිම සීමාව දන්වා එවන ලිපිය අග්‍රිම අධිකාරී බලයයි.

අනුදත් ගෙවීම් යනු පාර්ලිමේන්තුවෙන් සම්මත කර, මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍ර නිකුත් කර ඇති ගෙවීම්ය


34. අග්‍රිම සීමාව යනු කුමක්‌ ද?

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂයක ප්‍රධානියෙකුට ඊලඟ වර්ෂයේ අනුදත් ගෙවීම් කිරීමට දන්වා එවනු ලබන අග්‍රිම අධිකාරි බලයේ සීමාවයි


35. පරිපුරක අග්‍රිම අධිකාර බලය යනු කුමක්‌ ද?

අග්‍රිම අධිකාරි බලයේ සඳහන් අග්‍රිම සීමාව සංශෝධනය කරමින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂ ප්‍රධානියෙකුට එවනු ලබන ලිපිය පරිපූරක අග්‍රිම අධිකාරි බලයයි. පරිපූරක අග්‍රිම අධිකාර බලයක් ලබා නොගෙන අග්‍රිම සීමාව ඉක්මවා වියදම් දැරීමට වැය ශීර්ෂ ප්‍රධානියෙකුට නොහැක.


36. සුළු මුදල්‌ අතුරු අග්‍රිමය හඳුන්වන්න.

කාර්යාලයේ සුළු වියදම් දැරීම සඳහා මාණ්ඩලික නිලධාරියකුගේ ඍජු අධීක්ෂණය යටතේ සිටින නිලධාරියෙකුට නිකුත් කරයි. වර්ෂයේ ආරම්භයේ නිකුත් කරන මෙය දෙසැම්බර් 31 වන දින වන විට පියවිය යුතුය. උපරිමය රුපියල් 25,000 ක් වන අතර වරකට දැරිය හැකි වියදම රුපියල් 5,000 කි. කොටසක් වියදම් වූ පසු පොදු 35 වවුචරය සමග බිල්පත් ඉදිරිපත් කර පොදු 103 ආකෘතිය මගින් ප්‍රතිපූර්ණය කරගත් හැකිය.


37. තත්කාර්ය අතුරු අග්‍රිමය හඳුන්වන්න.

යම් නිශ්චිත කාර්යයක් සඳහා නිකුත් කරන මෙය තමන් යටතේ සිටින මාණ්ඩලික නිලධාරියෙකු වෙත නිකුත් කරයි. උපරිමය රුපියල් ලක්ෂයයි. අදාළ කාර්යය ඇරඹීමට ආසන්න වැඩ කරන දිනයක දී නිකුත් කරන මෙය එම කාර්යය නිම වූ වහාම (දින 10ක්) තුළ පියවිය යුතුයි. ප්‍රතිපූරණය කිරීමක නොමැති අතර ඉතිරි මුදල් තිබේ නම් නැවත ගෙවා පියවිය යුතුය.


38. අඛණ්ඩ අතුරු අග්‍රිමය යනු කුමක්‌ ද?

උප කාර්යාලයක සියළු වියදම් දැරීම සඳහා නිකුත් කරන මෙය භාණ්ඩාරගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය මත මාණ්ඩලික නිලධාරියකුට නිකුත් කරයි. උපරිම ප්‍රමාණයද භාණ්ඩාරගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් තීරණය කරයි. වර්ෂය ආරම්භයේදී නිකුත් කරන මෙය වර්ෂ අවසාන‍යේ දෙසැම්බර් 31 දිනට පියවිය යුතුයි. කොටසක් වියදම් වූ පසුව ‍පොදු 35 වව්චරය සමග බිල්පත් ඉදිරිපත් කර පොදු 103 ආකෘතිය මගින් ප්‍රතිපූරණය කරගත යුතුය.


39. ගබඩාවක ඇති භාණ්ඩ ප්‍රධාන වශයෙන්‌ වර්ග 02 කි. ඒ කවරේ ද?

වට්ටෝරු භාණ්ඩ - දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන භාණ්ඩ
පාර්භෝජ්‍ය භාණ්ඩ - කෙටි කාලයකින් ප්‍රතිලාභ ලබා දී අවසන් වන භාණ්ඩ


40. ගබඩා භාරකරු යනු කවු ද?

භාණ්ඩ ලබාගැනීම, තබාගැනීම, ඇසිරීම, නිකුත් කිරීම
නියමිත පිරිවිතරයන්ගෙන් යුත් භාණ්ඩ ගබඩාවට භාරගෙන ඒවා තොග ‍පොත්වල සටහන් කර පිවිසීමට හා පරීක්ෂාවට හැකි වන සේ අසුරා තබන, නිසි නියෝග යටතේ නිකුත් කරන, නිකුත් කරන ලද්දේ කාටද කුමන ප්‍රමාණයකින් කවර දිනයකදී ද යන්න වාර්තා තබාගන්නා, ගබඩාවේ ගැටළු ගබඩා නිලධාරී වෙත වාර්තා කරන පුද්ගලයායි


41. ගබඩා නිලධාරී යනු කවු ද?

ගබඩාව අධීක්ෂණය කිරීමට බලය පැවරී ඇති නිලධරයායි. ගබඩාවේ ඉඩකඩ, ගබඩා‍වේ භාණ්ඩ, ගබඩාවේ පොත්පත්, ගබඩා භාරකරු අධීක්ෂණය කරන නිලාරියා වන මොහු ගබඩා ගිණුම් පවත්වාගනී.


42. ගබඩාවට සම්බන්ධ ප්‍රධාන පිරිවැය වර්ග 02 කවරේ ද?

  1. භාණ්ඩ ලබාගැනීමේ පිරිවැය - ඇණවුම් පිරිවැය
  2. භාණ්ඩ තබාගැනීමේ පිරිවැය - තොග පවත්වාගැනීමේ පිරිවැය


43. ගබඩා භාණ්ඩ සමීක්ෂණයේ ප්‍රධාන කාර්යයන්‌ 02කි. ඒ කවරේ ද?

  1. පොත් ශේෂය සහ තථ්‍ය ශේෂය පරීක්ෂා කර අතිරික්ත හෝ ඌණතා වාර්තා කිරීම හෙවත් භාණ්ඩවල හරි වැරදි බැලීම
  2. අපහරණය කල යුතු භාණ්ඩ හෙවත් පාවිච්චිට ගත නොහැකි භාණ්ඩ SDRT ලෙස වාර්තා කිරීම


44. ගබඩා භාණ්ඩ සමීක්ෂණ කටයුතු සඳහා උපයෝගී කර ගන්නා පොදු ආකෘතිපත්‍ර 02 කවරේ ද?

භා.හා.ග.ප. 66 - අතිරික්ත හෝ ඌණතා වාර්තා කිරීම
‍පොදු 47 - අපහරණයට සුදුසු භාණ්ඩ SDRT ලෙස වාර්තා කිරීම (S-Sale, D-Destroy, R-Repair, T-Transfer)


45. ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්‌ වන්නේ කවරහු ද?

සියළු අමාත්‍යංශ ලේකම්වරු
අමාත්‍යංශ යටතට නොගැනෙන දෙපාර්තමේන්තු ප්‍රධානීන් (විගණකාධිපති)
විශේෂ වියදම් ඒකක ප්‍රධානීන් (රා.සේ.කො.ස. ලේකම්)


46. පාලන කටයුතු සම්බන්ධයෙන්‌ ගණන්‌ දීමේ නිලධාරියෙකුගේ වගකීම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. අභ්‍යන්තර සෝදිසි ක්‍රමයක් එන ආකාරයට වැඩ බෙදීම හා එහි ක්‍රියාකාරීත්වය වරින් වර ඇගයීම
  2. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මු.රෙ. විධිවිධාන ක්‍රියාත්මක කරන බවට වගබලාගැනීම සහ එසේ ක්‍රියා නොකරන්නේ නම් දෙපාර්තමේන්තු නියෝග නිකුත් කිරීම


47. රජයේ ලැබීම්‌ ක්‍රියාවලියේ දී භාවිත වන ප්‍රධාන ලියවිලි 02 කවරේ ද?

  1. පොදු 118 කුවිතාන්සිය - මුදල් බැඳීමේ වව්චරය (PIV)
  2. පොදු 172 කුවිතාන්සිය


48. බැංකු ප්‍රකාශය යනු කුමක්‌ ද?

දෙපාර්තමේන්තුවේ නිල බැංකු ගිණුමේ මාසය ආරම්භයේ ශේෂය, මාසය තුල හර කිරීම්, මාසය තුල බැර කිරීම්, එක් එක් ගනුදෙනුව අවසානයේ ශේෂය, ඒ අනුව අවසාන ශේෂය දන්ව බැංකුව මගින් දෙපාර්තමේන්තුව වෙත එවන ලියවිල්ලයි.


49. බැංකු සැසදුම්‌ ප්‍රකාශය යනු කුමක්‌ ද?

බැංකු ප්‍රකාශයේ ශේෂයත්, මුදල් පොතේ බැංකු තීරුවේ ශේෂයත් අතර වෙනසට හේතු සොයාබැලීම සඳහා සකස් කරනු ලබන ප්‍රකාශයයි


50. ප්‍රතිග්‍රාහක කාර්යාල යනු මොනවා ද?

මුදල් ලබාගෙන ගිණුම්ගත කිරීමට බලය ඇති කාර්යාල වේ. එකතු කරන මුදල් තම නිල බැංකු ගිණුමේ ගිණුම්ගත කල හැක.


51. ප්‍රතිග්‍රාහක කාර්යාල 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. භාණ්ඩාගාරය
  2. කච්චේරිය
  3. ඒ පන්තියේ දෙපාර්තමේන්තු හා එහි උප කාර්යාල
  4. විදේශ දූත මණ්ඩල


52. ව්‍යාපෘතියක්‌ සම්බන්ධයෙන්‌ අත රැඳවුම්‌ මුදල්‌ නිදහස්‌ කිරීමේ දී අදාළ වන විශේෂ සහතිකය කුමක්‌ ද?

ව්‍යාපෘතිය නිම කර මනාව අවසන් කර ඇති බවටත්, ගිවිසුමේ කොන්දේසි සම්පූර්ණ වී ඇති බවටත්, රඳවාගැනීමේ කාලය සම්පූර්ණ වී ඇති බවටත්, වැඩ ඉංජිනේරුවකු හෝ තාක්ෂණික නිලධාරියකු ලබා දෙන සහතිකයකි.


53. සැපයුම්‌ සම්බන්ධ ගෙවීම්‌ වවුචරයක්‌ සහතික කිරීමට පෙර, සහනික කිරීමේ නිලධාරියා විසින්‌ ලබාගත යුතු විශේෂ සහතිකය කුමක්‌ ද?

නියමිත පිරිවිතරයන්ගෙන් යුත් භාණ්ඩ ගබඩාවට ලැබණු බවටත්, ලැබුණු භාණ්ඩ ‍පොත්වල නියමිත පරිදි සටහන් කරන ලද බවටත් ගබඩා භාරකරු වව්චරය මත තබන සටහනයි


54. නව පත්වීමක පළමු වැටුප ගෙවීමේ දී වච්චරයට ඇමිණිය යුතු ලේඛන 02 කවරේ ද?

  1. පත්වීම් ලිපිය
  2. රාජකාරි භාරගැනීමේ ලිපිය


55. මු.රෙ.269 අනුව, විශේෂ සහනිකයක්‌ ලබාගන යුතු අවස්ථා 02 කවරේ ද?

ජීවත් වන බවට සහතිකය අවශ්‍ය වේ
ඊට අමතරව මුදල් ලබාගත් බවට කුවිතාන්සියක්/ ලිපියක් අවශ්‍ය වේ.
මු.රෙ. 269 - විදේශගත ශ්‍රී ලාංකිකයකුගේ වැටුප ශ්‍රී ලංකාවේදී ගෙවීම, නිවාඩු පිට සිටින නිලධාරියකුගේ වැටුප වෙනත් අයෙකුට ගෙවීම


56. නිවාස දීමනා ලබා ගැනීමට අමුණා ඉදිරිපත්‌ කළ යුතු විශේෂ සහතිකය කුමක්‌ ද?

උපලේඛණගත නිවාස හිමි මාණ්ඩලික නිලධාරියකුට උපලේඛණගත නිවාසයක් දීමට නොමැති නම් ඔහුට නිවසක් කුලියට ගෙන සිටිය හැක. එවිට නිවාස කුලී ඉල්ලා සිටිය හැක. එවිට එම කාලය තුල නිලධාරියා රජයේ නිවාසයක පදිංචිව නොසිටි බවටත්, නිවස ඔහුගේ තනතුරේ ස්වභාවයට ගැලපෙන බවටත් දෙපාර්තමේන්තු ප්‍රධානියා සහතික කල යුතුය.


57. රහස්‍ය ගෙවීමක්‌ සඳහා ලබාගත යුතු විශේෂ සහතිකය කුමක්‌ ද?

රහස්‍ය ගෙවීමක් යනු ගෙවන ලද අය සහ හේතුව නොමැතිව මුදල පමණක් සඳහන් වවුචරයකින් ගෙවීම රහස්‍ය‍ ගෙවීමකි. එවිට වව්චරය මත ජනාධිපති සහ මුදල් ඇමති විසින් මුදල් නිසි ආකාරයෙන් වියදම් කර ඇති බවට තමන් සෑහීමකට පත්වන බවට සටහන් තබා සහතික කල යුතුය.


58. රාජ්‍ය ආදායමෙන්‌ ආපසු ගෙවීමට සිදුවිය හැකි අවස්ථා 04ක්‌ සඳහන්‌ කරන්න.

ආදායම යනු ඒකාබද්ධ අරමුදල වෙත බැර කරන ලද අවස්ථායි

  1. නීතියේ විධිවිධාන යටතේ - යම් නීතියකින් ගෙවීමට නියමිත බලධාරියා නියම කර ඇත
  2. නියමිත මුදලට වඩා වැඩියෙන් අය කර ඇති විට
  3. ඉටු නොකල සේවයකට අය කර ඇති විට
  4. වෙනත් විශේෂ අවස්ථාවලදී


59. නීතියේ විධිවිධාන යටනේ හැර, අනෙකුත්‌ අවස්ථාවල ආදායමෙන්‌ ආපසු ගෙවීමට බලය ඇත්තේ කාට ද?

රු 25000 දක්වා අමාත්‍යංශ ලේකම්ට බලය ඇත. ඊට වැඩි වන අවස්ථාවලදී භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ සතුව බලය ඇත.    


60. වියදම්‌ සම්බන්ධයෙන්‌ බලතල පවරාදීමේ අවස්ථා 04 කවරේ ද?

  1. බලය දීම
  2. අනුමත කිරීම
  3. සහතික කිරීම
  4. ගෙවීම


61. ආදායම්‌ සම්බන්ධයෙන්‌ බලනල පවරා දීමේ ප්‍රධාන අවස්ථා 3කි. ඉන්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. තක්සේරු කිරීම
  2. එකතු කිරීම
  3. 5ගිණුම්ගත කිරීම/ ප්‍රතිග්‍රහණය කිරීම


62. මුල්‍ය බලතල පවරා දීමේ අරමුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. තමන්ට තනිව කල නොහැකි නිසා
  2. නිලධාරීන්ගේ දක්ෂතා නිපුණතාවලින් ප්‍රයෝජන ගැනීම
  3. යෝග්‍ය අභ්‍යන්තර සෝදිසි ක්‍රමයක් නිර්මාණය වන අකාරයට වැඩ බෙදා සිදු විය හැකි වැරදි අනාවරණය කරගෙන වැරදි වංචා වැලැක්වීම
  4. මුදල් රෙගුලාසි අනුගමනය කිරීම


63. විසර්ජන ගිණුම මගින්‌ ඉදිරිපත්‌ කරන ප්‍රධාන තොරතුරු කවරේ ද?

එක් එක් වැය විෂය සඳහා ලද ප්‍රතිපාදන, සත්‍ය වියදම, ඉතිරිය, ඉතිරියට හේතු

වර්ෂ අවසානයේ ඉදිරිපත් කරන මූල්‍ය වාර්තා -
මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය
මූල්‍ය තත්වය ප්‍රකාශය
මුදල ප්‍රවාහ ප්‍රකාශය
ආදායම් ප්‍රකාශය
හිඟ ආදායම් ප්‍රකාශය
වියදම් ප්‍රකාශය
බැරකම් ප්‍රකාශය
අස්ථානගත වූ වව්චර් පිළිබඳ ප්‍රකාශය
හානි පාඩු පිළිබඳ ප්‍රකාශය
අග්‍රිම ගිණුම පිළිබඳ ප්‍රකාශය
තැන්පත් ගිණුම පිළිබඳ ප්‍රකාශය
අත්තිකාරම් ගිණුම පිළිබඳ ප්‍රකාශය


64. වැය ලෙජරය පවත්වාගෙන යාමෙන්‌ අත්වන වාසි 02ක්‌ සඳහන්‌ කරන්න.

පොදු 138A - ලද ප්‍රතිපාදන, වියදම, ඒ අනුව ශේෂය, ශේෂය, වියදම, ඉතිරි ශේෂය
විසර්ජන පනතෙන් වෙන් කල ප්‍රතිපාදන, පරිපූරක ඇස්තමේන්තුවලින් වෙන් කල ප්‍රතිපාදන, වීරමොන් ආදී ක්‍රමවලින් මාරු කරගත් ප්‍රතිපාදන ඇතුළු ලැබීම් ඇතුලත් වේ

  1. ඕනෑම වේලාවක යම් වැය විෂයකට ලැබී ඇති ශුද්ධ ප්‍රතිපාදන දැනගත හැකි වීම
  2. එක් එක් වියදම අවසානයේ ශේෂය සටහන් වන නිසා ප්‍රතිපාදන නොඉක්මවා ගෙවීම් කල හැකි වීම
  3. තව දුරටත් බැඳීම් ඇති කරගත හැකි ප්‍රතිපාදන ප්‍රමාණය දැනගත හැකි වීම
  4. විලම්බීත බැරකම් සටහන් වන නිසා අතපසු වීමකින් තොරව ගෙවීම් කල හැකි වීම


65. මුදල්‌ පොත පවත්වාගෙන යාමෙන්‌ අන්වන වාසි 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. ශේෂය නොඉක්මවා ගෙවීම් කල හැක
  2. බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කිරීමේදී උපයෝගී වේ
  3. වර්ගීකරණ ලේඛණයේ නිවැරදිභාවය පරීක්ෂා කිරීමට උපයෝගී වේ

වර්ගීතරණ ලේඛණය - විවිධ ආකාරයට ලැබෙන ලැබීම් ඇතුලත් කරන ලේඛනයයි
ලැබීම් වර්ග - ආදායම්, අත්තිකාරම්, අක්මුදල්, අධිභාර, තැන්පතු


66. හානි රක්ෂණ සහතිකය යනු කුමක්‌ ද?

මු.රෙ. 392 හිලව් චෙක්පතක් නිකුත් කිරීම හේතු කොටගෙන දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයින්ට යම් අලාභයක්, පාඩුවක්, වියදමක් දැරීමට සිදු වුවහොත් එහි වගකීම ආදායකයා භාරගන්නා බවට පොරොන්දු වී ලබා දෙන ප්‍රකාශයයි


67. අත්තිකාරම්‌ ගිණුම්වලට අදාළ සීමා 04 කවරේ ද?

  1. උපරිම වියදම් සීමාව/ උපරිම හර සීමාව,
  2. උපරිම හර ශේෂ සීමාව,
  3. උපරිම බැර ශේෂ සීමාව,
  4. අවම ලැබීම් සීමාව/ අවම බැර සීමාව

රජයේ නිලධාරීගේ අත්තිකාරම් ගිණුමට උපරිම බැර ශේෂ සීමාව අදාල නොවේ
68. උපරිම හර ශේෂ සීමාව යනු කුමක්‌ ද? එම සීමාව පැනවීමේ අරමුණ කුමක්‌ ද?
ගිණුමේ ආරම්භක ශේෂයට මෙම වර්ෂය තුල නිකුත් කල ණය හෝ වියදම් එකතු කළ විට වර්ෂාවසානයේ උපරිම ශේෂය
වියදම්, ණයගැතියන් පාලනය කිරීම එය පැනවීමේ අරමුණයි


69. අත්තිකාරම්‌ ගිණුමවල සීමාවන්ට බල නොපාන ගනුදෙනු 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. සදොස් හර, සදොස් හර නිවැරදි කිරීමට කරන බැර
  2. සදොස් බැර, සදොස් බැර නිවැරදි කිරීමට කරන හර
  3. ලාභ පාඩු මාරු කිරීමට කරන සටහන්
  4. ස්ථාන මාරු වී එන නිලධාරීන්ගේ ණය ශේෂ ගැලපුමට කරන සටහන්


70. කල්පිත ගාස්තු යනු මොනවාද?

පෞද්ගලික වාණිජ ව්‍යාපාරයක් වූවානම් දැරීමට සිදුවන රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු යටතේ දැරීමට සිදු නොවන වියදම්ය. (ගොඩනැගිලි කුලිය, සේවක කුලී)
මෙම වියදම් සඳහා ගෙවීම් කල‍හොත් ලාභයට ඇතිවන බලපෑම පෙන්නුම් කිරීම සඳහා වාර්ෂික ලාබ අලාභ ගිණුමට යටින් කල්පිත ගාස්තු සටහන් ගිණුමක් පෙන්නුම් කරනු ලබයි


71. වෙළඳ අත්තිකාරම්‌ ගිණුම්‌ සම්බන්ධයෙන්‌ වසර අවසානයේ ඉදිරිපත්‌ කළ යුතු ගිණුම්‌ ප්‍රකාශන මොනවා ද?

  1. වෙළඳ ලාභ අලාභ ගිණුම
  2. ශේෂ පත්‍රය


72. රජයේ නිලධාරීන්ගේ අන්තිකාරම ගිණුම සම්බන්ධයෙන්‌ වසර අවසානයේ ඉදිරිපත්‌ කළ යුතු ගිණුම්‌ ප්‍රකාශන මොනවා ද?

කේවල ශේෂ එකතුව
පාලන ගිණුමේ එකතුව
කේවල ගිණුමේ ශේෂ පාලන ගිණුම සමග සසඳා දැක්වෙන ප්‍රකාශයක්


73. රජයට සිදුවන පාඩු, අලාභයන්ට ඇතුළත්‌ හානි කවරේ ද?

මු.‍රෙ. 102 හි දැක්වෙන හානි
රජයට ලැබිය යුතු ආදායම් අතහැර දැමීමෙන් සිදු වන පාඩු


74. රජයට සිදුවන හානි පිළිබඳව නිලධාරියෙකු වගකීමට බැඳෙන ප්‍රධාන අවස්ථා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. රජයේ නිලධාරියකුගේ වරදක් වංචාවක් ප්‍රමාදයක් අතපසුවීමක් නිසා රජයේ දේපලකට අලාභ හානි සිදු විම
  2. රජයේ නිලධාරියකුගේ භාරයට පත් කර ඇති මුදල්, මුද්දර හෝ වත්කම් සම්බන්ධයෙන්
  3. වෙනත් අයෙකුට මු.රෙ. උපදෙස් පිලි නොපැද කටයුතු කිරීමට නියෝග දීම නිසා සිදු වන අලාභයකට


75. ප්‍රධාන වශයෙන්‌ හානි ලේඛන වර්ග 02කි. ඒ කවරේ ද?

  1. අත්තිකාරම් ගිණුම් කටයුතුවලදී සිදුවන හානි
  2. වෙනත් කටයුතුවලදී සිදුවන හානි


76. හානි සම්බන්ධයෙන්‌ කටයුතු කිරීමේ දී ගණන්දීමේ නිලධාරිගේ සීමා කවරේ ද?

  1. 250,000 නොඉක්මවන හානි
  2. මු.රෙ. 104.2 යට‍තේ වාර්තා කිරීමට අවශ්‍ය නොවන හානි


හානි සම්බන්ධ සීමා


77. පොතෙන්‌ කපා හැරීමේ නියෝගය යනු කුමක්‌ ද?

පොදු 285 ආකෘතිය
හානිය තොග පොත්වලින් කපා හැරිය හැකි බව හෝ, අය වීමට ඇති හර ශේෂයක් කපාදැමිය හැකි බව හෝ අලාභය රජය භාරගත යුතු බව හෝ වන නියෝගයකි. පොදු 285 ආකෘතියෙන් ලබා දෙන මෙහි පිටපතක් විගණකාධිපති වෙත යැවිය යුතුය


78. අතහැර දැමීමේ නියෝගය යනු කුමක්‌ ද?

රජයට ලැබිය යුතු ආදායමක් නොලැබෙන බවට තහවුරු වුවහොත් එය අවලංගු කර දැමීමට නිසි බලධාරියකු විසින් දෙනු ලබන නියෝගය අතහැර දැමීමේ නියෝගයකි


79. අතහැර දැමීම්‌ ප්‍රධාන වශයෙන්‌ කොටස්‌ දෙකකි. ඒ කවරේ ද?

  1. ව්‍යවස්ථාපිත අතහැරදැමීම් - ආදායම් එකතු කිරීමට බලය දෙන ව්‍යවස්ථාවේම ඒ ආදායම ‍නොලැබෙන බවට තහවුරු වන විට අතහැර දැමීමේ නියෝග නිකුත් කල හැකි බලධරයෙකු දක්වා ඇත.
  2. වෙනත් අතහැරදැමීම් - ආදායම් එකතු කිරීමට බලය දෙන ව්‍යවස්ථාවේම ඒ ආදායම ‍නොලැබෙන බවට තහවුරු වන විට අතහැර දැමීමේ නියෝග නිකුත් කල හැකි අයෙක් දක්වා ඇත.


80. භාණ්ඩාගාරයේ කාර්යයන්‌ ප්‍රධාන වශයෙන්‌ කොටස්‌ දෙකකි. ඒ කවරේ ද?

  1. පාලන හා අධීක්ෂණ කාර්යයන්
  2. විධායක කාර්යයන්


81. භාණ්ඩාගාරයේ පාලන භා අධීක්ෂණ කාර්යයන්‌ දෙයාකාරයකින්‌ සිදු කරයි. ඒ කෙසේ ද?

පොදුවේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන ග.නි., ප්‍ර.ග.නි. වෙත උපදෙස් ලබා දීම
යම් විශේෂ අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිිළිබඳ උපදෙස් ලබා දීම


82. අභ්‍යන්තර විගණනයේ අරමුණු 04 ක්‌ සඳහන්‌ කරන්න.

වැවගුහා
මු.රෙ. 133 134

  1. වැරදි හා වංචා වැලැක්වීම
  2. වත්කම් ආරක්ෂාව
  3. ගුණාත්මක තත්වය වැඩි දියුණු කිරීම
  4. හානි පාඩු අවම කිරීම


83. අභ්‍යන්තර විගණනයේ ප්‍රධාන කාර්යයන්‌ 02 කවරේ ද?

  1. මුදල් ගනු දෙනු සම්බන්ධ කාර්යයන්
  2. වැඩ යෝජනා ක්‍රම ව්‍යාපෘති සම්බන්ධ කාර්යයන්


84. වැඩ යෝජනා ක්‍රම හා ව්‍යාපෘති සම්බන්ධයෙන්‌ අභ්‍යන්තර විගණනයේ කාර්යයන්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වැඩ යෝජනා ක්‍රම ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට යොදා ඇති වැඩ පිළිවෙල සාර්ථකදැයි පරීක්ෂා කිරීම
  2. මෙහෙයුම් ගිණුම්කරණ දෘෂ්ඨිකෝණයකින් බලා වාර්තා කිරීම
  3. සංවර්ධන ව්‍යාපෘතිවල කල් පසුවීම් ප්‍රමාද වීම් ඇත්නම් ඒ පිළිබඳව ස්ථානීය විමර්ෂන සිදු කිරීම


85. සංචිත ප්‍රතිපාදන යනු මොනවා ද?

බාධාවකින් තොරව අවිනිෂ්චිත අවශ්‍යතා ඉටු කිරීම සඳහාත්, බාධාවකින් තොරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පවත්වාගැනීම සඳහාත් අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ වැය ශීර්ෂයට අයවැය සහාය සේවා යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන විශේෂයකි


86. සංචිත ප්‍රතිපාදන ඇති කිරීමේ අරමුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. අවිනිශ්චිත අවශ්‍යතා ඉටු කිරීම
  2. බාධාවකින් තොරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පවත්වාගැනීම සඳහා


87. වීරමොං ක්‍රියාපටිපාටිය යනු කුමක්‌ ද?

යම් වැය විෂයක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විට අතිරේක ප්‍රතිපාදනවල අවශයතාවය එම ශීර්ෂයේම වැඩසටහනක, ව්‍යාපෘතියක, වැය විෂයක ඉතිරි වන ප්‍රතිපාදනයකින් මාරු කරගැනීමේ ක්‍රමය


88. වීරමොං ක්‍රියාපටිපාටිය යටතේ ප්‍රතිපාදන මාරු කිරීමට භාවිත කරන ආකෘති 02 කවරේ ද?

  1. පොදු 271 - වැඩසහනක පුනරාවර්ථන වියදම් වැය විෂයන් අතර මාරු කිරීම
  2. පොදු 233 - අනෙකුත් මාරු කිරීම් සඳහා

වීරමොන් මාරු කිරිම් සාරාංශය
ශීර්ෂ අතර මාරු කිරීම නොහැක

වැඩසටහන් අතර
මූලධන             > මූලධන            - නොහැකිය - එම වැඩසටහනේම හැකිය
පුනරාවර්ථන    > පුනරාවර්ථන    - හැකිය
මූලධන             > පුනාරාවර්ථන   - නොහැකිය
පුනරාවර්ථන     > මූලධන            - හැකිය

වැඩසටහනක් තුල ව්‍යාපෘති අතර
මූලධන             > මූලධන            - හැකිය - භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ගේ අනුමැතිය
පුනරාවර්ථන     > පුනරාවර්ථන     - හැකිය
මූලධන             > පුනාරාවර්ථන    - නොහැකිය
පුනරාවර්ථන     > මූලධන            - හැකිය

වැඩසටහනක් තුල වැය විෂය පන්ති අතර
මූලධන            > මූලධන             - හැකිය - භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ගේ අනුමැතිය
පුනරාවර්ථන    > පුනරාවර්ථන     - හැකිය
මූලධන            > පුනාරාවර්ථන    - නොහැකිය
පුනරාවර්ථන    > මූලධන             - හැකිය



89. සංකේත ප්‍රතිපාදන යනු මොනවා ද?

යම් වැය විෂයක් සඳහා සම්පූර්ණ මුදල් වෙන් නොකර මුදල් වෙන් කල බවට කරන ඇඟවීමකි. එසේ සටහන් කරන්නේ රු. 1000.00ක් ලෙස ප්‍රතිපාදන සටහන් කිරීමෙනි. අයවැය අධ්‍යක්ෂගේ පූර්ව අනුමැතියෙන් තොරව අයවැය ඇස්තමේන්තුවල සංකේත ප්‍රතිපාදන ඇතුලත් කල නොහැකිය.


90. සංකේත ප්‍රතිපාදන ඇති කිරීමේ අවශ්‍යතා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. විලම්බීත බැරකමකට එළඹීම සඳහා
  2. භාණ්ඩාගාර ආයෝජන සඳහා


91. මු.රෙ. 115 අදාළ නොවන ගෙවීම්‌ 04ක්‌ සඳහන්‌ කරන්න

මු.රෙ. 115 යනු ඇස්තමේන්තුවෙන් කරන ගෙවීම්ය

  1. ආදායමෙන් ආපසු ගෙවීම
  2. තැන්පතුවලින් ආපසු ගෙවීම
  3. හිඟ වැටුප් ගෙවීම
  4. හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම


92. මු.රෙ.218 අනුව, මු.රෙ. 115 කාර්ය පටිපාටිය අනුගමනය නොකොට, ඊළඟ වර්ෂයේ ප්‍රතිපාදනයට වැයභාර කළ හැකි ගෙවීම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වරිපනම් බදු එකතු කරන්නන්ට ගෙවන කොමිස් මුදල්
  2. උප්පැන්න මරණ රෙජ්ස්ට්‍රාර්වරුන්ට ගෙවන දීමනා


93. නැති වූ වචුචර සම්බන්ධයෙන්‌ අවස්ථා දෙකකට අනුව, ක්‍රියාකළ හැකිය. එම අවස්ථා 02 කවරේ ද?

  1. ගෙවීමේ නිර්ව්‍යාජත්වය පිළිබදව සාක්ෂි ඇති විට - අදාල පුද්ගලයාටම ගෙවා ඇති බවට තහවුරුවක් ඇති විට
  2. ගෙවීමේ නිර්ව්‍යාජත්වය පිළිබදව සාක්ෂි නැති විට


94. චෙක්පත්‌ රේඛනය යනු කුමක්‌ ද? එයින්‌ ඇතිවන බලපෑම යනු කුමක්‌ ද?

චෙක්පත මතුපිට වචන ඛණ්ඩයක් සහිතව හෝ රහිතව සමාන්තර රේඛා දෙකක් ඇඳීමයි
එයින් ඇතිවන බලපෑම වන්නේ චෙක්පතට වැඩි ආරක්ෂාවක් ලැබීමත් එය මුදල් කරගැනීමට බැංකු ගිණුමකම තැන්පත් කල යුතු වීමත් වේ


95. චෙක්පත්‌ රේඛනය කළ හැකි ප්‍රධාන ක්‍රම 02 කවරේ ද?

විශේෂ රේඛණය - චෙක්පත මතුපිට සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ අතර බැංකුවක නමක් සඳහන් කිරීම
සාමාන්‍ය රේඛණය - චෙක්පත මතුපිට සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ අතර බැංකුවක නමක් සඳහන් නොවීම


96. ප්‍රධාන වශයෙන්‌ චෙක්පත්‌ වර්ග 02කි. ඒ කවරේ ද?

  1. රේඛිත චෙක්පත්
  2. විවෘත චෙක්පත්


97. ආදායකයා හැරුණුවිට චෙක්පතකට සම්බන්ධ අනෙකුන්‌ ප්‍රධාන පාර්ශවකරුවන්‌ දෙදෙනා කවුරුන්‌ ද?

අණකරු - ගිණුම් හිමියා
අණලදු - බැංකුව


98. චෙක්පත්‌, මුදල්‌ ඇණවුම්‌ මගින්‌ රජයට ගෙවීමක්‌ කර ඇති කල්හි “මුදල්‌ ඇණවුමකින්‌“ “චෙක්පතකින්‌“ යනා දී වචන පැහැදිලිව ලිවිය යුතු ස්ථාන කවරේ ද?

පොදු 118 මුදල් බැඳීමේ වව්චරය
පොදු 172 කුවිතාන්සිය
මුදල් පොතේ
අදාල උපයෝගී ලේඛණවල


99. දෙපාර්තමේන්තුවක්‌ යැවු චෙක්පතක්‌ ආපසු එම දෙපාර්තමේන්තුවටම ලැබිය හැකි අවස්ථා 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. භාර දිය නොහැකි වීම
  2. භාර නොගෙන ලැබීම
  3. දින දීර්ඝ කිරීම සඳහා
  4. හිලව් චෙක්පතක් නිකුත් කිරීම සඳහා
  5. අවලංගු කිරීම සඳහා


100. මුදල්‌ එකතු කිරීම ගනුදෙනු වර්ග 02කින්‌ උද්ගත වේ. ඒ කවරේ ද?

  1. සාම්ප්‍රදායිකව - රජයට ගෙවන බදු ආදිය. සැලසුම් සහගතව එකතු කරගත හැක
  2. ස්වේච්ඡාවෙන් - අවශයතාවය අනුව කරන ගෙවීම් (මුදල් බැඳ සහතික ලබාගැනීම, උප්පැන්න, විභාග ගාස්තු)





මුදල් රෙගුලාසි 2

 1. රාජ්‍ය මුල්‍ය පිළිබඳ පුර්ණ පාලන බලය හා පොදු පාලනය කවුරුන්‌ සතු වන්නේ ද? පූර්ණ පාලනය - පාර්ලිමේන්තුව පොදු - භාණ්ඩාගාරය 2. පුද්ගල පඩිනඩි ඛ...