මුදල් රෙගුලාසි 2

 1. රාජ්‍ය මුල්‍ය පිළිබඳ පුර්ණ පාලන බලය හා පොදු පාලනය කවුරුන්‌ සතු වන්නේ ද?

පූර්ණ පාලනය - පාර්ලිමේන්තුව
පොදු - භාණ්ඩාගාරය


2. පුද්ගල පඩිනඩි ඛාණ්ඩයට අදාළවන පුනරාවර්තන වැය විෂයන්‌ දෙකක්‌ සඳහන්‌ කරන්න.

  1. 1001 වැටුප් හා වේතන
  2. 1002 අතිකාල හා නිවාඩු දින වැටුප්

පුනරාවර්ථන වියදම් පහත පරිදි කාණ්ඩගත කෙරේ -
පුද්ගල පඩිනඩි,
ගමන් වියදම්,
සැපයුම්,
සේවා,
නඩත්තු,
පුනරාවර්ථන මාරු කිරීම් කාණ්ඩය

මූලධන වියදම් පහත පරිදි කාණ්ඩගත කෙරේ -
මූලධන වියදම් අත්පත් කරගැනීම,
මූලධන වත්කම් පුනරුත්ථාපනය කිරීම හා වැඩි දියුණු කිරීම
පුහුණු හා හැකියා වර්ධනය
ප්‍රාග්ධන මාරු කිරීම්


3. අතුරු සම්මත ගිණුම යනු කුමක් ද?

ඊළඟ වර්ෂය ආරම්භ වීමට පෙර වාර්ෂික විසර්ජන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එය සම්මත කරගන්නා තෙක් ඊළඟ වර්ෂයේ රටේ වියදම් දැරීමට පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන වාර්තාවයි. එය පසුව විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කර අදාළ මුදල් වර්ෂය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවෙන් විධිමත්ව අනුමත කර ගත යුතුය.

මූල්‍ය කරණය යනු - ඇස්තමේන්තුවල වියදම් දැරීමට මුදල් සපයාගන්නා අකාරයයි. මුදල් සැපයීමේ මාර්ග/ ප්‍රභවය/ මූලාශ්‍රය හඳුනාගැනීම සඳහා සංකේත අංක ලබා දී ඇත
11 - දේශීය අරමුදල්/ ඒකාබද්ධ අරමුදල
12 - විදේශාධාර ණය
13 - විදේශාධාර ප්‍රදාන
14 - ප්‍රතිපූරණය කළ හැකි විදේශ ආධාර ණය - දේශීය අරමුදලින් වියදම් දරා පසුව විදේශ ආධාර ණය ලෙස ප්‍රතිපූරණය කල යුතුය
15 - ප්‍රතිපූරණය කළ හැකි විදේශ ආධාර ප්‍රදාන - දේශීය අරමුදලින් වියදම් දරා පසුව විදේශ ආධාර ප්‍රදාන ලෙස ප්‍රතිපූරණය කල යුතුය
16 - ප්‍රතිපාර්ශවීය අරමුදල් - විදේශවලින් භාණ්ඩ වශයෙන් ලැබෙන ආධාර බැහැරට විකුණා මුදල් කරගැනීම
17 - විදේශාධාර සබැඳි දේශීය අරමුදල්



4. විසර්ජන පනත හා අතුරු සම්මත ගිණුම අතර ඇති වෙනස්කම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. නව ප්‍රාග්ධන, මූල ධන යෝජනා විසර්ජන පනතට ඇතුළත් වේ. අතුරු සම්මත ගිණුමේ එවැනි යෝජනා ඇතුළත් නැත
  2. නව තනතුරු ඇති කිරීම පිළිබඳ යෝජනා විසර්ජන පනතට ඇතුළත් වේ. අතුරු සම්මත ගිණුමේ නැත
  3. ගණන් දීමේ, ප්‍ර.ග.නි. ගේ ඇස්තමේන්තු යෝජනා අනුව විසර්ජන පනත සකස් කරයි. අතුරු සම්මත ගිණුම සකස් කිරීමට එවැනි යෝජනා අත්‍යවශ්‍ය නැත
  4. විසර්ජන පනත මුළු වර්ෂයක් සඳහා සකස් කරයි. අතුරු සම්මත ගිණුම වර්ෂයකින් කොටසක් සඳහා පමණක් සම්මත කරයි.


5. යම්‌ වැය විෂයකට විසර්ජන පනතින්‌ චෙන්‌ කළ ප්‍රතිපාදන අවසන්‌ වු විට, අතිරේක ප්‍රතිපාදනයක්‌ සපයා ගත හැකි විකල්ප ක්‍රම 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. වීරමොන් ක්‍රියා පටිපාටිය මගින් ප්‍රතිපාදන මාරු කරගැනීම
  2. අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ සංචිත ප්‍රතිපාදනවලින් ලබාගැනීම
  3. පාර්ලිමේන්තුවේ පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම
  4. අනපේක්ෂිත හදිසි තත්වයකදී නම් අවිනිෂ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් ලබාගැනීම


6. පරිපූරක ඇස්තමේන්තු යොජනාවක ඇතුළත්‌ විය යුතු කරුණු 04ක්‌ සඳහන්‌ කරන්න.

විසර්ජන පනතෙන් වෙන් කර දී ඇති ප්‍රතිපාදන වැය විෂයකට ප්‍රමාණවත් නොවන විට අමතර ප්‍රතිපාදන ලබාගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව පරිපූරක ඇස්තමේන්තුවක් වේ

  1. පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට හේතුව
  2. අවශ්‍ය සම්පූර්ණ ප්‍රතිපාදන ප්‍රමාණය
  3. වීරමොන් ආදී ආකාරවලින් සපයාගත හැකි ප්‍රමාණය
  4. ඒ අනුව අවශ්‍ය ශුද්ධ ප්‍රතිපාදන පුමාණය
  5. වියදම කල් දැමීමට නොහැක්කේ මන්ද යන වග


7. රාජ්‍ය මුදල්‌ දෙපාර්තමේන්තුව ඉටු කරන කාර්යයන්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. මුදල් රෙගුලාසි සංග්‍රහය සහ ඊට අදාළ සංශෝධන නිකුත් කිරීම
  2. හානි පාඩු සම්බන්ධ කටයුතු සිදු කිරීම


8. භාණ්ඩාගාර මෙහෙයුම්‌ දෙපාර්තමේන්තුව විසින්‌ ඉටු කරන කාර්යයන්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. අක් මුදල් නිකුත් කිරීම
  2. පාවිච්චියට නොගත් අග්‍රිම ශේෂ හඳුනාගැනීම
  3. ප්‍ර.ග.නි. හට බලය නොමැති විට ආදායමින් ආපසු ගෙවීමට අනුමැතිය ලබා දීම
  4. නව බැංකු ගිණුම් ආරම්භ කිරීම හෝ වසා දැමීමට
  5. අතුරු අග්‍රිම සඳහා අනුමැතිය ලබා දීම


9. ඒ වර්ගයේ දෙපාර්තමේන්තුවක ලක්ෂණ 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් මුදල් සැපයීම අඛණ්ඩව සිදු කරයි
  2. වියදම් උපලේඛණ නොමැතිව මුදල් සපයයි
  3. එකතු කරන මුදල් නිල බැංකු ගිණුමේ තැන්පත් කල හැකිය
  4. එකතු කරන මුදල් අග්‍රිමයේ කොටසක් ලෙස සලකා වියදම් කර හැක


10. බී වර්ගයේ දෙපාර්තමේන්තුවක ලක්ෂණ 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. දෙපාර්තමේන්තුවේ සියළු වියදම් දැරීම සඳහා භාණ්ඩාගාරය විසින් වර්ෂය ආරම්භයේදී ලබා දේ
  2. කොටසක් වියදම් වූ පසු වියදම් උපලේඛණ ඉදිරිපත් කර මුදල ප්‍රතිපූර්ණය කරගත හැක (පොදු 103 මගින්)
  3. ලැබෙන මුදල් නිල බැංකු ගිණුම්වල තැන්පත් කල නොහැක.
  4. කච්චේරිය හෝ භාණ්ඩාගාරය වෙත බැඳිය යුතු අතර වියදම් සඳහා භාවිතා කල නොහැක.


11. සී වර්ගයේ දෙපාර්තමේන්තුවක ලක්ෂණ 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. වර්ෂය ආරම්භයේදී සුළු වියදම් දැරීම සඳහා මුදලක් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ලබා දේ
  2. කොටසක් වියදම් වූ පසු උපලේඛණ ඉදිරිපත් කර ප්‍රතිපූර්ණය කරගත හැක
  3. එකතු කල මුදල නිල බැංකු ගිණුමේ ඇතුළත් කල නොහැකි අතර තමන් භාර කර ඇති කච්චේරිය හෝ භාණ්ඩාගාරයට ගෙවිය යුතුය.
  4. ප්‍රධාන වියදම් දැරීම කච්චේරියකින් හෝ භාණ්ඩාගාරයෙන් දැරිය යුතු වේ.

මෙම දෙපාර්තමේන්තු වර්ග කර ඇත්තේ අග්‍රිම නිකුත් කරන ආකාරය අනුව වේ.


12. පොදු 172 කුචිතාන්සි ලිවීමේ දී විශේෂයෙන්‌ අවධානයට ගත යුතු කරුණු 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. දෙපිටපතකින් ලිවිය යුතුයි
  2. වැරදීමක් සිදු වුවහොත් අවලංගු කර පිටපත් දෙකම අමුණා තිබිය යුතුයි
  3. නොමැකෙන තීන්ත පෑනක් භාවිතා කිරීම
  4. දෙපැති කාබන් කොල යොදා ලිවිය යුතුයි


13. අක්මුදල්‌ අයදුම්පත්‍රය යනු කුමක්‌ ද?

සෑම වැය ශීර්ෂයක ප්‍රධානියෙකුම හැම වසරකම දෙසැම්බර් මාසයේ ඊළඟ වසරේ අනුදත් ගෙවීම් සඳහා අවශ්‍ය මුදල්  පිළිබඳව දන්වා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අයදුම්පතයි.
ඒ අනුව අග්‍රිම සීමාව හා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන අක් මුදල් ප්‍රමාණය තීරණය කරයි.

අයදුම්පතේ අඩංගු දේවල්
අයවැය මගින් වෙන් වූ ප්‍රතිපාදනවලට
වෙනත් දෙපාර්තමේන්තුවලින් වෙන් කර එවන ප්‍රතිපාදන එකතු කර
වෙනත් දෙපාර්තමේන්තුවලට වෙන් කර යවන ප්‍රතිපාදන අඩුකර
අත්තිකාරම් ගිණුම්වල උපරිම හර සීමාව එකතු කර
අත්තිකාරම් ගිණුම්වල අවම ලැබීම් සීමාව අඩු කර
අග්‍රිම සීමාව පෙන්වයි
එයින් දෙපාර්තමේන්තුව එක්රැස් කරගන්නා ලද අරමුදල් අඩුකර භාණ්ඩාගාරය නිකුත් කල යුතු අක්මුදල් ප්‍රමාණය පෙන්වයි


14. මාරු ගෙවීම්‌ යනු මොනවා ද?

ගිණුම් ගිණුම් අතර හෝ දෙපා. දෙපා අතර මුදල් හිවමාරු නොවී සිදුවන ගනු දෙනු (පොදු 122)


15. “X සටහන්‌” යනු කුමක්‌ ද?

ගිණුම් ගිණුම් අතර හෝ දෙපා. දෙපා අතර මුදල් හුවමාරු නොවී සිදුවන ගනු දෙනු සටහන් කරන ආකාරයයි


16. උප පත්‍රිකා පොත්යනු මොනවා ද?

යම් මුල්‍යමය වටිනාකම් ඇතුළත් හෝ
යම් ගාස්තුවක් අය කර නිකුත් කරනු ලබන ආකෘති අඩංගු පොත්


17. ප්‍රධාන වශයෙන්‌ උප පත්‍රිකා පොත්‌ දෙවර්ගයකි. ඒ කවරේ ද?

  1. භාණ්ඩාගාරයෙන් හෝ මුද්‍රණාලයෙන් ලබාගන්නා පොත්
  2. දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරගන්නා උපපත්‍රිකා පොත්


18. චාර්ෂික ඇස්තමේන්තුවේ ප්‍රධාන කොටස්‌ 04 කවරේ ද?

  1. ආදායම් ඇස්තමේන්තුව
  2. වියදම් ඇස්තමේන්තුව
  3. අත්තිකාරම් ගිණුම්වලට අදාළ ඇස්තමේන්තුව
  4. රාජ්‍ය සේවයේ වැටුප් පරිමාණ ඇස්තමේන්තුව


19. විලම්භීත බැරකම්‌ යනු මොනවා ද?

මුරෙ 94 - ඉදිරි වර්ශයේ ගෙවීමට මෙම වර්ෂයේ ඇති කරගන්නා බැඳීමකි


20. පුනරාවර්තන වියදම්‌ සම්බන්ධයෙන්‌ විලම්භීත බැරකමකට එළඹීමේ දී අදාළ වන කොන්දේසි 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. ප්‍රවර්තන (මෙම) වසරේදී අදාළ වැය විෂයක් තිබිය යුතු අතර ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේ නම් හා ඊළඟ වර්ෂයේදීත් එවන් වියදම් අපේක්ෂා කෙරේ
  2. පසුගිය වර්ෂ 3 තුළ වෙන් කල ප්‍රතිපාදනවල එකතුවෙන් 50%ට නොවැඩි විය යුතුය


21. මුලධන වියදම්‌ සම්බන්ධයෙන්‌ විලම්භීත බැරකමකට එළඹීමේ දී අදාළ වන කොන්දේසි 02ක්‌ සඳහන්‌
කරන්න.

  1. විලම්භීත බැරකමකට නොඑළඹී කාරණය සිදු කල නොහැකි බවට දෙපා. ප්‍රධානීට ඒත්තු යාම
  2. මෙම වර්ෂයේ අදාළ වැය විෂයට ප්‍රතිපාදන වෙන්ව තිබීම හා මුළු පිරිවැය ඇස්තමේන්තුව නොඉක්මවිය යුතුය


22. සාමුහික ප්‍රතිපාදන යනු මොනවා ද?

ප්‍රාග්ධන ව්‍යාපෘතියක වෙන් වෙන්ව ‍ගැනෙන උපාංග ඇති විට ඒවා වෙන් වෙන්ව විෂයගත කිරීම දුෂ්කර විට ඒවා සාමූහික ප්‍රතිපාදන වශයෙන් පෙන්වයි (මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක එක් එක් අංග වෙන් වෙන්ව පෙන්වීමට අපහසු විට පොදුවේ ‘මාර්ග සංවර්ධනය’ සාමූහික ප්‍රතිපාදනයක් ලෙස පෙනවයි
උපරිම සීමාව රු. මි. 5කි.


23. භාණ්ඩාගාර සටහන්‌ යනු මොනවා ද?

මු.රේ 153
විගණකාධිපති සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් හඳුනාගන්නා නිරන්තරයෙන් සිදු වන වැරදි අඩුපාඩු අලලා භාණ්ඩාගාරයෙන් සකස් කරන සටහන් වේ. මේවා සියළු දෙපාර්තමේන්තුවලට යොමු කරන අතර මාර්ගෝපදේශ වශයෙන් සලකනු ලැබේ.


24. තැන්පතු සාරාංශ ප්‍රකාශය යනු කුමක්‌ ද?

මෙම ප්‍රකාශය කච්චේරිවල සකස් කරනු ලැබේ.
පොදු 71 අනුව සකස් කරයි. ඊළග මාසයේ අවසානයට පෙර සකස් කරයි. වාගණකාධිපතිට ඉදිරිපත් කරයි.
මාසයේ ආරම්භක ශේෂය
මාසය තුළ ලැබීම්
මාසය තුළ ගෙවීම්
ඒ අනුව ශේෂය



25. ලෙටර්‌ එච්‌ ගිණුම යනු කුමක්‌ ද?

මු.රෙ . 491 - එච් අක්ෂර වාර්තාව
ප්‍රතිග්‍රාහක නොවන කාර්යාල විසින් සකස් කරයි (ආදායම් එකතු කර නිල බැංකු ගිණුම්වලට ඇතුළත් කල නොහැකි කාර්යාල ප්‍රතිග්‍රාහක නොවන කාර්යාල නම්වේ) පොදු 42
සෑම මාසයකටම අදාළව ඊළඟ මාසය අවසන් වීමට පෙර තම දෙපාර්තමේන්තුවේ ලැබීම්, ගෙවීම් ඇතුළත් කර විගණකාධිපති වෙත යවන වාර්තාව


26. අධිභාර යනු කුමක්‌ ද?

වැඩිපුර ගෙවන ලද වියදමක් එම වර්ෂයේදීම අය කර ගැනීම
රජයට කරන ලද හානියක් එම වර්ෂයේදීම පූරණය කිරීම


27. ආදායමෙන්‌ ආපසු ගෙවීම හා අධිභාර අතර ඇති වෙනස්කම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

ආදායමෙන් ආපසු ගෙවීම ආදායමකට සම්බන්ධය
වාරික වශයෙන් අය කර නොගනී. එකවර අය කරයි.
දෙපාර්තමේන්තු ප්‍රධානියකුට බලය  නැත
හර ගිණුමකි

අධිභාරය වියදමකට සම්බන්ධය
නිලධාරියා ඍජුව වගකිව යුතු නොවේ නම් වාරික වශයෙන් අය කල හැක
ආයතන ප්‍රධානියකුට සිද කල හැක
බැර ගිණුමකි


28. වැඩිපුර ගෙවු වියදමක්‌ ආපසු අයකර ගැනීම දෙයාකාරයකට ගිණුම්ගත වේ. ඒ කෙසේ ද?

  1. වැඩිපුර ගෙවු වියදමක් එම වර්ෂයේම ලැබුණොත් අධිභාර ගිණුමට බැරවේ
  2. වෙනත් වර්ෂයකදී ලැබුනොත් ආදායම් ගිණුමට බැර වේ


29. දෙපාර්තමේන්තුවක සමිතියක මුදල්‌, ආණ්ඩුවේ සේප්පුවල තාවකාලිකව තැබීමට අවසර දෙනු ලබන්නේ
කුමන කොන්දේසිවලට යටත්ව ද?

ඊළඟ වැඩ කරන දිනයේම නැවත ලබාගන්නා කොන්දේසිය පිට
අලාභයක් සිදු වුවහොත් එහි වගකීම සමිතිය භාරගත යුතුය


30. 40% සීමාවෙන්‌ නිදහස්‌ ප්‍රධාන අවකරණ 02 කවරේ ද?

  1. ව්‍යවස්ථාපිත අවකරණ
  2. ව්‍යවස්ථාපිත නොවන අවකරණ - භාණ්ඩාගාරය කලින් කලට නිශ්චය කරන අවකරණ


31. වැටුපෙන්‌ අඩුකරන ව්‍යවස්ථාපිත අවකරණ 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. වැන්දඹු අනත්දරු
  2. රා.සේ.අර්ථසාධක අරමුදල
  3. අග්‍රහාර
  4. මුද්දර ගාස්තු
  5. ආදායම් බදු


32. වැටුපෙන්‌ අඩුකරන අනුදත්‌ සීමාවෙන්‌ නිදහස්‌ ව්‍යවස්ථාපිත නොවන අවකරණ 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. උත්සව අත්තිකාරම්
  2. වැටුප් අත්තිකාරම්
  3. අඩ වැටුප්/ වැටුප් රහිත අය කරගැනීම්
  4. රක්ෂණ සංස්ථාවට වැය කරන රක්ෂණ ඔප්පු වාරික
  5. නිවාස ණය
  6. රජයට පිරිනමන පරිත්‍යාග
  7. විවිධ සංගම්වලට වැය කරන සාමාජික මුදල්


33. පුනරාවර්තන වියදම්‌ යටතේ සැපයුම්‌ ඛාණ්ඩයට අදාළ වන සැපයීම්‌ වර්ග 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. ලිපිද්‍රව්‍ය කාර්යාලීය අවශ්‍යතා
  2. ඉන්ධන
  3. ආහාරපාන නිල ඇඳුම්
  4. වෙනත්


34. ප්‍රසම්පාදනය යනු කුමක්‌ ද?

ස්වකීය අධිකාරී බල සීමාව තුළ වැඩ, සැපයුම්, සේවා, උපදේශන සේවා, තොරතුරු පද්ධති ඉටු කරගැනීම වස් යෝග්‍ය පුද්ගලයෙක්, යෝග්‍ය මිල ගණනක් තීරණය කිරීමේ විධිමත් කාර්ය පටිපාටිය ප්‍රසම්පාදනයයි


35. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමේ අරමුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. මිල ගණන් ඉදිරිපත් කරන්නන් අතර තරගකාරීත්වය ඇතුළත් කර ගුණාත්මක භාණ්ඩ වාසිදායක මිලකට ලබාගැනීම
  2. සියළු පාර්ශවයන්ට ප්‍රසම්පාදනයට සහභාගී වීමට සමාන අවස්ථා උදා කර දීම තුලින් අවංකභාවය, විනිවිද භාවය ප්‍රදර්ශනය කර ගැටළු, පැමිණිලි, පෙත්සම් අවම කරගැනීම

ප්‍රසම්පාදන‍යේ ආචාර ධර්ම -
රසදූත
රහස්‍යභාවය,
සම්බන්ධතා පිළිබඳ අනනුකූලතාවය,
දූෂණ ක්‍රියාවලියක් නොමැති වීම,
ත්‍යාග පෙළඹවීමක් නොමැති බව



36. ප්‍රසම්පාදනයේ දී ජාත්‍යන්තර ලංසු කැඳවීම උචිත වන අවස්ථා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. දේශීය සැපයුම්කරුවන්/ කොන්ත්‍රාත්කරුවන්ගේ හැකියාව සීමිත වන විට
  2. අරමුදල් සපයන ආයතන ගිවිසුම් මගින් ජාත්‍යන්තර ලංසු කැඳවීම අවශ්‍යතාවයක් කර ඇති විට
  3. මූල්‍ය සීමා අනුව


37. සීමිත ලංසු කැඳවීම යෝග්‍ය වන අවස්ථා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. සැපයුම්කරුවන් සීමිත ප්‍රමාණයක් ඇති බව දන්නා විට
  2. ප්‍රචාරණයට දරණ වියදම ප්‍රතිඵල රහිත වන විට


38. වෙළඳපොළ මිල සැදහුම්‌ ක්‍රමය යොදා ගැනීම යෝග්‍ය වචන අවස්ථාව කුමක්‌ ද?

වටිනාකමින් අඩු සම්මත පිරිවිතර ඇත වහාම ලබාගත හැකි භාණ්ඩ ලබාගැනීමේදී


39. හදිසි ප්‍රසම්පාදනය යෝගා වන අවස්ථා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. ජාතික ආපදාවක් වැනි අවස්ථාවකදී
  2. හදිසි අවස්ථාවක් ලෙස රජය ප්‍රකාශ කර ඇති අවස්ථාවකදී


40. ලංසු ඇපකරය යනු කුමක්‌ ද?

මිල ගණන් ඉදිරිපත් කරන අවස්ථාවේදී ලබාගනී. සුදුසු ලංසුකරු ලෙස තෝරාගතහොත් අදාළ ගිවිසුම අත්සන් කරන බවට ලබාගන්නා ඇපයකි. ඇපකරයක් නම් මුළු පිරිවැය ඇස්තමේන්තුවෙන් 1%-2% ත් අතර ප්‍රමාණයකි. මුදලින් නම් 0.5 – 1% අතර ප්‍රමාණයක්. ගිවිසුම් අතසන් කල පසු නිදහස් කරනු ලැබේ.


41. කාර්යසාධන ඇපකරය යනු කුමක්‌ ද?

ගිවිසුම අත්සන කරන අවස්ථාවේදී ලබාගන්නා අතර ගිවිසුම උල්ලංඝනය නොවන බවට වගවීමට ලබා ගනී. ඇස්තමේන්තුගත මුදලින් 5%-10% අතර වේ. අදාළ කාර්යය මනාව ඉටු කරනු ලබන බවට දෙන ඇපයකි. අදාළ කාර්යය මනාව අවසන් කිරීමෙන් පසු නිදහස් කරයි.


42. ලංසු ඇපකරය හා කාර්යසාධන ඇපකරය අතර ඇති වෙනස්කම්‌ 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. අරමුණ වෙනස් වේ
  2. ලබාගන්නා අවස්ථාවන් වෙනස් වේ
  3. වටිනාකම වෙනස් වේ
  4. නිදහස් කරන අවස්ථාව වෙනස් ය


43. තනි කචර ලංසු ක්‍රමය හා ද්විත්ව කචර ලංසු ක්‍රමය යනු කුමක්‌ ද?

තනි කවර ලංසු ක්‍රමය යනු තාක්ෂණික හා මූල්‍ය ලංසු එකට ඉදිරිපත් කල හැකි ආකාරයට මිල ගණන් කැඳවා තිබීම වේ
එක වර විවෘත කරයි

ද්විත්ව කවර ලංසු ක්‍රමය යනු තාක්ෂණික හා මූල්‍ය ලංසු වෙන් වෙන්ව ඉදිරිපත් කල හැකි ආකාරයට මිල ගණන් කැඳවා තිබීම වේ
තාක්ෂණිකව සංකීරණ හෝ යෝජිත ස්වරූපයේ තාක්ෂණික පිරිවිතර අවශ්‍ය අවස්ථාවේදී
මුලින් තාක්ෂණික ලංසුව විවෘත කර ඇගයීම් කිරීමෙන් පසු මූල්‍ය ලංසුව විවෘත කරයි


44. ප්‍රසම්පාදන කටයුතු සඳහා සභායවන කමිටු 4ක්‌ සඳහන්‌ කරන්න.

  1. ප්‍රසම්පාදන කමිටුව (දෙපාර්තමේන්තු හෝ අමාත්‍යංශ)
  2. තාක්ෂණික ඇගයීම් කමිටුව
  3. ලංසු ඇගයීම් කමිටුව (විශේෂ අවස්ථාවලදී තාක්ෂණික කමිටුව හෝ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් නොවන සාමාජිකයන්ගෙන් යුක්තව පත් කරනු ලැබේ)
  4. ලංසු විවෘත කිරීමේ කමිටුව
  5. අභියාචනා කමිටුව


45. කොන්ත්‍රාත්‌ ප්‍රදානය කිරීමෙන්‌ පසු, අසාර්ථක ලංසුකරුවන්ට ඔවුන්ගේ අඩුලුහුඩුකම්‌ දැන්වීමේ අරමුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. අනාගතයේදී වඩා සාරානුකූල ලංසුවක් ඉදිරිපත් කිරීමට ඔවුන් පෙළඹවීම
  2. විනිවිදභාවය, අවංකභාවය ප්‍රදර්ශනය කිරීම මගින් ලැබෙන පැමිණිලි අවම කරගැනීම



46. කොන්ත්‍රාත්කරුවකු පැහැරහැර ඇති කොන්ත්‍රාත්කරුවකු වශයෙන්‌ සැලකීමට පදනම්‌ වන අවස්ථා 02
කවරේ ද?

ලංසු ඇපකරය මත පැහැර හැරීම - ලංසු ඇපකරය ඉදිරිපත් කර නොමැති වීම
ක්‍රියාත්මක කිරීමෙන් පැහැරහැරීම - ගිවිසුම අත්සන් නොකිරීම, කාර්ය සාධන සුරක්ෂණය ලබා නොදීම, නිසි පරිදි නිම නොකිරීම, අඩුපාඩු සහිත වීම


47. ප්‍රසම්පාදයේ දී සැපයීම්‌ වර්ග 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. වැඩ,
  2. භාණ්ඩ,
  3. සේවා,
  4. උපදේශන සේවා,
  5. තොරතුරු පද්ධති


48. මුදල්‌ රෙගුලාසි සංග්‍රහය නිකුත්‌ කරනු ලබන්නේ කවුද?

මුදල් ඇමතිවරයාගේ අනුමැතිය මත භාණ්ඩාගාර ලේකම්


49. මුදල්‌ රෙගුලාසි වලින්‌ බැහැරව කටයුතු කිරීමට නම්‌, ඉටුවිය යුතු ප්‍රධාන කොන්දේසි 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. පොදු යහපත සඳහා උචිත වීම
  2. ඒ බව දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට ඒත්තු යාම


50. මුදල්‌ රෙගුලාසි වලින්‌ බැහැරව කටයුතු කිරීමට සිදු වූ අවස්ථාවක දී එසේ කිරීමට තුඩු දුන්‌ හේතු සහ එහි යුක්තියුක්තභාවය වාර්තා කළ යුතු එක්‌ අයෙක්‌ වන්නේ අමාත්‍යංශ ලේකම්‌ ය. අනෙක්‌ දෙදෙනා කවුරුන්ද?

  1. විගණකාධිපති
  2. රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්


51. මුල්‍ය ප්‍රවාහ කට්ටලයට ඇතුළත්‌ වන මුල්‍ය ප්‍රකාශ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය
  2. මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය
  3. මුදල් ප්‍රවාහ ප්‍රකාශය


52. පහත හිස්තැන්‌ සඳහා ගැලපෙන ගේෂයන්‌ දෙක සඳහන්‌ කරන්න.

අග්‍රිම ශේෂය = මුදල් පොතේ ශේෂය + නොපියවූ අත්තිකාරම් ගිණුමේ ශේෂය


53. මුදල්‌ කොමිෂන්‌ සභාවේ ප්‍රධානම කාර්යය කුමක්‌ ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති පත් කරයි
සාමාජිකයන් 5
මහ බැංකු අධිපති
භාණ්ඩාගාර ලේකම්
මූල්‍ය, පරිපාලන, නීති ක්ෂේත්‍රවල සිටින ප්‍රධාන ජන වර්ග 3 නියෝජනය කරන පුද්ගලයන් තිදෙනෙක්

ප්‍රධාන කාර්යය
පළාත් සභාවලට අවශ්‍ය අරමුදල් ජාතික අයවැය ලේඛනයෙන් වෙන් කර දීමට අවශ්‍ය සහය දීම
(ඒ ඒ පළාත් සභාවේ ජනගහනය, ඒක පුද්ගල ආදායම, ආදායම් ව්‍යාප්තිය, විෂමතාවය අවම කිරීම යන කරුණු සලකා බැලේ)


54. සංස්ථා භාර අමාත්‍යවරයෙකුට, එම සංස්ථාවේ විගණනය සම්බන්ධයෙන්‌ ඇති බලතල කවරේ ද?

එම සංස්ථාව විගණනය කිරීම සඳහා සුදුසු විගණකයෙක් පත් කිරීමට බලතල ඇත


55. ගෙවීමක්‌ සිදු කිරීමේ දී නිවැරදි පාර්ශවයටම ගෙවීම්‌ සිදුකරන බවට නිලධාරීන්‌ දෙදෙනෙකු සැලකිලිමත්‌ විය යුතු ය. එම නිලධාරීන්‌ දෙදෙනා කවුරුන්‌ ද?

  1. සහතික කිරීමේ නිලධාරී
  2. ගෙවීමේ නිලධාරි


56. බැංකු සැසඳුම්‌ ප්‍රකාශයක දැක්වෙන මුදල්‌ පොතේ නිවැරදි කිරීමක්‌ අවශ්‍ය නොවන අයිතම 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. නිකුත් කල නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්
  2. තැන්පත් කල නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්


57. වියදමක්‌ සම්බන්ධ මුල්‍ය බලතල පැවරීමේ දී, වැය විෂය හා අනුමත ප්‍රතිපාදන සම්බන්ධයෙන්‌ මුල්‍ය බලතල පැවරුණු නිලධාරීන්‌ දෙදෙනෙකුගේ අවධානය යොමුවිය යුතු ය. එම නිලධාරීන්‌ දෙදෙනා කවුරුන්‌ ද?

  1. බලය දෙන නිලධාරීයා
  2. සහතික කරන නිලධාරියා


58. බැංකු සැසඳුම්‌ ප්‍රකාශයක්‌ සකස්‌ කිරීමේ ප්‍රයෝජන 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. බැංකු ප්‍රකාශයේ ශේෂයත් මුදල් පොතේ බැංකු තීරුවේ ශේෂය අතර වෙනසට හේතු හඳුනාගත හැකි වීම
  2. මුදල් තැන්පත් කිරීම සම්බන්ධව වරදක් වංදාවක් වෙතොත් අනාවරණය කරගැනීම පහසු වීම හා නිලධාරීන් වැරදි වංචාවලට පෙලඹීම අවම කරගත හැකි වීම


59. රජයේ කාර්යාලයක භාවිත කරන පොදු 58 මුදල්‌ පොතෙහි මුල්‍ය වටිනාකම්‌ සටහන්‌ කරන ප්‍රධාන තීරු දෙක කවරේ ද?

  1. මුදල් තීරුව
  2. බැංකු තීරුව


60. අනුදත්‌ ගෙවීම්‌ යනු මොනවා ද?

  1. පාර්ලිමේන්තුවෙන් සම්මත කල හා
  2. මුදල් ඇමතිවරයා විසින් වොරන්ට් බලපත්‍රයක් නිකුත් කල ගෙවීම්ය


61. ගිණුම්‌ අංශයක කුමන විෂයභාර නිලධාරීන්‌ විසින්‌ බැංකු සැසඳුම්‌ ප්‍රකාශය පිළියෙළ කිරීම නොකළ යුතු ද?

  1. සරප්
  2. මුදල් පොත භාර නිලධාරි

මන්ද එම නිලධාරීන් කරන කාර්යයන් බැංකු සැසඳුමේ නිරූපණය වන බැවිනි. යම් දෝෂයක් ඔවුන් අතින් සිදුව තිබේ නම් බැංකු සැසඳුම දෝෂ සහිතව සකස් කිරීමට ඉඩ තිබේ.


62. ආදායම්‌ සම්බන්ධයෙන්‌ බලතල පැවරීමේ දී තක්සේරු කිරීම යන්නෙන්‌ අදහස්‌ කරන්නේ කුමක්‌ ද?

රජයට විවිධ මූලාශ්‍ර වෙතින් ලැබිය යුතු මුදල කොපමණද එය අය කර ගත යුත්තේ කාගෙන්ද යන්න තීරණය කිරීමයි


63. තැන්පත්‌ පිළිබඳව සටහන්‌ කරන ප්‍රධානම ලේඛන 02 කවරේ ද?

  1. පොදු තැන්පත් ගිණුම - පොදු 69
  2. පොදු තැන්පත් පාලන ගිණුම හෙවත් පොදු තැන්පත් තුලන ගිණුම - පාලන ගිණුම පොදු තැන්පත් ගිණුමේ එකතුවක් වශයෙන් ගිණුම්ගත කරයි


64. එක්‌ එක්‌ අත්තිකාරම්‌ ගිණුම්‌ සම්බන්ධයෙන්‌ සීමා නියම කිරීමේ දී පදනම්‌ කර ගන්නා කරුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. දෙපාර්තමේන්තුවේ හැකියා තත්වය
  2. අදාල වියදම සඳහා රජයට දැරිය හැකි අරමුදල් ප්‍රමාණය
  3. අපේක්ෂිත මෙහෙයුම්වල ප්‍රමාණය


65. රාජ්‍ය මුල්‍ය පාලනයට අදාළව පාර්ලිමේන්තුව සම්මත කර ඇති ප්‍රධාන පනත්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. 1971/38 දරණ මුදල් පණත
  2. 2003/03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත


66. අතුරු අග්‍රිමයක්‌ නිකුත්‌ කළ පසුව, ඒ සම්බන්ධයෙන්‌ ගණන්දීමේ නිලධාරියාට ඇති ප්‍රධාන බලතල 02 කවරේ ද?

  1. ඕනෑම වේලාවක පරීක්ෂා කල හැක
  2. ඕනෑම වේලාවක අග්‍රිමය නැවත ලබාගත හැක


67. හිස්තැන්‌ පුරවන්න.

භාණ්ඩාගාරයෙන්‌ නිකුත්‌ කළ යුතු අක්‌ මුදල්‌ ප්‍රමාණය = අග්‍රිම සීමාව - එක්රැස් කරගත් ආදායම

එකතු කරගත් ආදායම ආයතනයේ ගිණුමට එකතු කර ඇති බැවින් නව අග්‍රිමය සදහා එම පුමාණය අඩු කර ලබා දේ


68. ලෙටර්‌ එච්‌ ගිණුමකින්‌ දැක්වෙන තොරතුරු මොනවා ද?

පසුගිය මාසය තුලදී ප්‍රතිග්‍රාහක කාර්යාලයන් නොවන කාර්යාලයකට ලැබුණු මුදල හා
භාණ්ඩාගාරයට එම කාර්යාලයෙන් ප්‍රේෂණය කළ මුදලය
(පොදුු 42 ආකෘතිය ප්‍රතිග්‍රාහක නොවන කාර්යාලයක් යනු මුදල් ගිණුම්ගත කරගත නොහැකි කාර්යාල වේ)


69. කෙටුම්පත්‌ ඇස්තමේන්තුව හා කෙටුම්පත්‌ විසර්ජන පනත අතර ඇති වෙනස්කම්‌ 02ක්‌ දක්වන්න.

කෙටුම්පත් ඇස්තමේන්තුව

කෙටුම්පත් විසර්ජන පනත

සැපයුම් සේවා විශේෂ නීති සේවා දෙකම ඇතුලත්ය

සැපයුම් සේවා පමණි

කිසි විටකත් නීතියක් නොවේ

සම්මත වූ විට නීතියක් බවට පත්වේ

සියළු වියදම් වෙන වෙනම ඇතුලත් කරයි

ඇතුලත් වන්නේ සාරංශයක් පමණි



70. ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ප්‍රධාන ජනවර්ග 03 නියෝජනය කරන සාමාජිකයින්‌ තිදෙනා හැරුණු විට, මුදල්‌ කොමිෂන්‌ සභාවට නිල බලයෙන්‌ පත්වන අනෙක්‌ සාමාජිකයින්‌ දෙදෙනා කවුරුන්‌ ද?

  1. මහ බැංකු අධිපති
  2. භාණ්ඩාගාර ලේකම්


71. මුදල්‌ කොමිෂන්‌ සභාව විසින්‌ පළාත්‌ සභා සම්බන්ධයෙන්‌ කටයුතු කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. එක් එක් පළාත් සභාවේ ජන සංඛ්‍යාව හා ඒක පුද්ගල ආදායම
  2. පළාත් අතර ආදායම් විෂමතා ඒක පුද්ගල ආදායම් විෂමතාවය අවම කිරීම


පහත දැක්වෙන්නේ තැන්පතු වර්ග 06කි. ඒ ඇසුරින්‌ ප්‍රශ්න අංක 72 සිට 74 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

  1. ජාතික ආරක්ෂක අරමුදලට බැර කිරීම සඳහා නිලධාරීන්‌ 25 දෙනෙකුගෙන්‌ අය කර ගන්නා ලද පරිත්‍යාග - දෙවෙනි පන්තිය
  2. මොටර්රථ දෙපාර්තමේන්‌තුවේ කාර්ය මණ්ඩල වැටුප්‌ ගෙවීම සඳහා එවන ලද චෙක්පත - ‍තෙවන පන්තිය
  3. බලයලත්‌ වෙළෙඳ ව්‍යාපාරික සුනිමල්‌ මහතා විසින්‌ ආහාර මිල ගණන්‌ වෙනුවෙන්‌ තැන්පත්‌ කළ ඇප මුදල - පළමු පන්තිය
  4. නගර සභාවට ගෙවීම සඳහා සතිපතා දිස්ත්‍රික්‌ උසාවියෙන්‌ එවන දඩ මුදල්‌ - පළමු පන්තිය
  5. සේවා පියසක්‌ ඉදි කිරීම සඳහා දේශීය භා විදේශිය රාජ්‍ය නොවන සංවිධානවලින්‌ ලද ආධාර මුදල්‌ - දෙවන පන්තිය
  6. අදාළ විස්තර ලැබෙනතෙක්‌, තැන්පතු ගිණුමක අවිනිශ්චිතව තබාගෙන ඇති මුදල්‌ - තෙවන පන්තිය


---------
මුරෙ 569

පළමු තැන්පතු - එක් එක් පුද්ගලයා නමින්, ආයතනයේ නමින් ගිණුම් පවත්වාගෙන යාම

දෙවන පන්තියේ තැන්පතු - යම් කාරණයක් මත එකතු කරන තැන්පත්

තෙවන පන්තියේ තැන්පත් - පොදු තැන්පත්
-----------


72. ඉහත තැන්පතු අතරින්‌ පළවෙනි පන්තියේ තැන්පතු 02ක්‌ සඳහන්‌ කරන්න.

3 හා 4


73. ඉහත තැන්පතු අතරින්‌ දෙවෙනි පන්තියේ තැන්පතු 02ක්‌ සඳහන්‌ කරන්න.

1 හා 5


74. ඉහත තැන්පතු අතරින්‌ තුන්වෙනි පන්තියේ තැන්පතු 02ක්‌ සඳහන්‌ කරන්න.

2 හා 6


75. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව, කාර්ය මණ්ඩල මට්ටම්‌ කවරේ ද?

ජ්‍යෙෂ්ඨ
තෘතීය
ද්විතීය
ප්‍රාථමික


76. ප්‍රසම්පාදනයේ ආචාර ධර්මයක් වන “සම්බන්ධතා පිළිබද අනනුකූලතාවය“ යන්නෙන්‌ අදහස්‌ වන්නේ කුමක්‌ ද?

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඊට සම්පන්ධ වන නිලධාරීන් සම්බන්ධතා නොමැතිව සිටිය යුතු අතර සම්බන්ධතා ඇති බවට සැක ඇති වීමේ අවශ්‍යතාවක් පැන නැගුනහොත් අදාල නිලධාරියා ඒ බව ප්‍රකාශයට පත්කොට ප්‍රසම්පාදන ක්‍රියාවෙන් ඉවත් විය යුතුය.


77. පහත ප්‍රසම්පාදන කමිටු පත්‌ කරනු ලබන්නේ කවුරුන්‌ විසින්දැයි ඉදිරියෙන්‌ දක්වන්න.

  1. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව - අමාත්‍යංශ ලේකම්
  2. ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව විසින්‌ - දෙපාර්තමේන්තු ප්‍රධානි


78. පහත සඳහන්‌ කමිටුවල සාමාජිකයින්‌ ගණන ඉදිරියේ ඇති හිස්තැන මත ලියන්න.

  1. අමාත්‍යාංශ තාක්ෂණ ඇගයිම්‌ කමිටුව - 5
  2. දෙපාර්තමේන්තු තාක්ෂණික ඇගයීම්‌ කමිටුව - 3-5
  3. ප්‍රාදේශිය තාක්ෂණික ඇගයීම්‌ කමිටුව - 3


79. විශේෂ සහතික යනු කුමක්‌ ද?

විශේෂ වර්ගයේ වව්චරයක් සහතික කිරීම සඳහා එම වව්චරය සමග අමුණා ඉදිරිපත් කල යුතු ලියවිල්ලක් හෝ වව්චරය මත තබන සටහනකි


80. ප්‍රතිපුර්ණය කළ හැකි විදේශාධාර යනු මොනවා ද?

පළමුව දේශීය අරමුදලින් වියදම් දරා පසුව විදේශාධාර මගින් එම මුදල පියවාගනු ලබන ආධාර වේ


81. ප්‍රතිපාර්ශවීය අරමුදල් යනු මොනවාද?

භාණ්ඩ වශයෙන් ලැබෙන ආධාර පිටට විකුණා එම මුදලින් සකස් කරගන්නා අරමුදල්ය


82. රාජ්‍ය ආදායමට බැර කරන ලද්දා වු තෑගි මුදල්‌ පිළිබඳව භාණ්ඩාගාරය වෙත අප්‍රමාදව දැනුම්‌ දිය යුතු තොරතුරු 04ක්‌ සඳහන්‌ කරන්න.

භාණ්ඩාගාරයට වාර්තා කිරීමේදී සඳහන් කරන කරුණු
ත්‍යාග දායකයාගේ නම, ලිපිනය
ත්‍යාග මුදල
ත්‍යාගය දුන් කාරණය
දැන ගෙන ඇති ක්‍රියාමාර්ග
රජයේ ආදායමට බැර කල දිනය

තෑග්ගක් ලද විට
තෑග්ග පොදු තැන්පත් ගිණුමට ඇතුලත් කිරීම
තැන්පත් කරු අමතා පාර්ලිමේන්තු අනුමැතියෙන් පසු ලබා ගත යුතු බව දැන්වීම අනුමත නොකලහොත් අදාල කාරණය සිදු කල නොහැකි බව දැන්වීම
අනුමත කලහොත් රාජ්‍ය ආදායමට බැර වේ නැවත ලබාගත නොහැකි බව දැන්වීම

මුදල් නොවන ත්‍යාගයක් තක්සේරු කර මුදලේ වටිනාකම සැලකිය යුතුය


83. ප්‍රසම්පාදනයේ දී අදාළවන සැපයීම්‌ වර්ග 04ක්‌ සඳහන්‌ කරන්න.

වැඩ, භාණ්ඩ, සේවා, උපදේශණ සේවා, තොරතුරු පද්ධති


84. පුනරාවර්තන වැය ඛාණ්ඩයක් වන සැපයිම්‌ ඛාණ්ඩය යටතට වැටෙන ප්‍රධාන වියදම්‌ වර්ග 04 කවරේ ද?

ලිපිද්‍රව්‍ය හා කාර්යාලෘය අවශ්‍යතා 1201,
ඉන්ධන 1202,
ආහාරපාන නිල ඇඳුම් 1203,
වෙනත් 1205


85. චෙක්පත් රේඛණයේදී ගනුදෙනු කළ නොහැකිය යන රේඛණයෙන් කුමක් අදහස් වන්නේද?

පවරන්නාට තිබූ අයිතියම පැවරුම්ලාභියාටද යන අතර පැවරුම්ලාභියාට යම් අලාභයක් සිදු වුවහොත් පවරන්නාට නඩු පැවරිය නොහැකි බව අදහස් කෙරේ. මෙවැනි චෙක්පතක් ලබාගැනීමේදී පවේශම් විය යුතුය.


86. බැංකු ප්‍රකාශයේ සඳහන්‌ වන නමුත්‌, බැංකු සැසඳුම්‌ ප්‍රකාශය සකස්‌ කිරීමේ දී අදාළ කර නොගන්නා ගනුදෙනු වර්ග 02ක්‌ සදහන්‌ කරන්න.

  1. නිකුත් කර ගෙවීමට ඉදිරිපත් වූ චෙක්පත්
  2. තැන්පත් කර උපලබ්ධි වූ චෙක්පත්


87. පඩි සටහන්‌ පත්‍ර සහතික කිරීමේ දී අදාළවන විශේෂ සහතිකය කුමක්‌ ද?

සියළුම සටහන් කලින් මාසයේ පුද්ගල පඩි නඩි ලේඛණයත් (භා. හා ග.ප. 17 වැටුප් ලෙජරයේ) වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ලේඛනයත් සමග සසඳා ඇති බවට සහතිකයක්


88. වව්චර්වල දෙවැනි පිටපත්‌ සම්බන්ධයෙන්‌ මුදල්‌ රෙගුලාසිවල සඳහන්‌ විධිවිධාන 02ක්‌ දක්වන්න.

එකම කාරණය සඳහා ගෙවීම් අනුමත කරන වව්චර් එකකට වඩා අත්සන් තැබීම නිලධාරීන්ට තහනම් වේ.
සෑප පිටපතකම මතු පිට හරස් අතට පිරී පැතිරී යන ආකාරයට ‘දෙවන පිටපත’/COPY කියා ලිවිය යුතුය.
මෙය කිසිම විටක මුල් පිටපතක් ලෙස සැලකිය නොහැකි ලෙස එසේ ලිවිය යුතුය


89. විදේශාධාර වර්ග 04ක්‌ සඳහන්‌ කරන්න.

වකාගෙවැවේ

ව්‍යාපෘති ආධාර
කාර්මික සහාය
ගෙවුම් ශේෂ සහාය
වැඩසටහන් ආධාර
වෙළඳ ද්‍රව්‍ය ආධාර


90. රජයේ කටයුතු සඳහා ගමන්‌ බිමන්‌ යන නිලධාරියෙකුට එම වියදම්‌ දෙයාකාරයකින්‌ ප්‍රතිපුර්ණය කරනු ලැබේ. එම ආකාර 02 කවරේ ද?

  1. රාජකාරි ගමන්වලදී දරනු ලබන වියදම ප්‍රතිපූරණයට
  2. රාජකාරි සඳහා භිවිත කල වාහනයේ නඩත්තු වියදම් ප්‍රතිපුරණයට - පුද්ගලික වාහනයක ගමන් බිමන් යන්නේ නම්


91. ගමන්‌ වියදම්වල අන්තර්ගත කරුණු 04 කවරේ ද?

සංයුක්ත දීමනාව
අනියම් වියදම්
සැතපුම් කුලිය
පොදු වාහන ගාස්තුව


92. සංයුක්ත දීමනාව යනු කුමක්ද?

නිලධාරියකු රාජකාරි ගමනකදී දරණ නවාතැන් හා පෞද්ගලික යැපීම් ප්‍රතිපූරණය කිරීම සඳහා ලබා දෙන මුදල


93. රාජකාරි ගමනකදී දරණ අනියම් වියදම් යනු මොනවාද?

රාජකාරි ගමනකදී නිලධාරියකුට දැරීමට සිදුවන හදිසි වාහන කුලී සහ කම්කරු වියදම් පියවීමට දෙන මුදල


94. පරිවර්තිත ගමන්‌ වියදම්‌ දීමනාව යනු කුමක්‌ ද?

නිතර ක්ෂේත්‍ර රාජකිරිවල යාමට සිදුවන නිලධාරීන්ට අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශය මත ආයතන අධ්‍යක්ෂ ජනරාල් අනුමත කරන ලබන ගාස්තුවක්
පොදු 161 ආකෘතියෙන් ලබා ගත හැක
ගමන, දුර ප්‍රමාණය, ගත කල කාලය


95. ගමන්‌ වියදම්‌ ඉල්ලීමක දී නිවස, ගමනේ ආරම්භක ස්ථානය ලෙස සැලකිය හැකි අවස්ථා 02ක්‌ සඳහන්‌ කරන්න.

ගමනාන්තයට වඩාත් කිට්ටුවෙන් පිහිටා තිබේ නම්
රාජකාරි ස්ථානය සහ නිවස එකම නාගරික බල ප්‍රදේශය තුල පිහිටා තිබේ නම්
රාජකාරි ස්ථානය සහ නිවස සැතපුම් 4ක දුරක් ඇතුලත පිහිටා තිබේ නම්


96. උපවේශන දීමනාව යනු කුමක්‌ ද?

ලිත් මාසයක් කල් නොදී ස්ථාන මාරු කර ඇති විටක ඒ අඩු කාල සීමාවේ එක් එක් දිනට ලබා ගත හැකි සංයුක්ත දීමනාවේ භාගයක්


97. දොළොස්මස්‌ රීතිය යනු කුමක්‌ ද?

නිලධාරියකුගේ මුල් පත්වීමේ දින සිට හෝ ස්ථාන මාරු වීමේ දින සිට මාස 12ක් ඇතුලතදී ස්වකීය පවුලේ අය සහ ගෘහ භාණ්ඩ එම සේවා ස්ථානයට රැගෙන ගියහොත් මිස ඒ සඳහා අදාල ගමන් වියදම් ඔහුට ගෙවිය නොහැකි බව


98. රජයේ නිලධාරීන්ට ලබාදෙනු ලබන ණයක්‌ අප්‍රමාදව භාවිත කළ යුතු අතර, එසේ නොවන විට වහාම ආපසු පියවිය යුතු ය. එසේ නොකළහොත්‌ ගන්නා ක්‍රියාමාර්ග 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වහාම ණය වාරිකය දෙගුණ කිරීම
  2. පොළී ප්‍රතිශතය 5%කින් වැඩි කිරීම
  3. විනයානුකූලව කටයුතු කිරීම


99. බැංකු මගින්‌ ලබාදෙනු ලබන දේපළ ණය අය කර ගැනීමේ කාල සීමාව කෙසේවේ ද?

උපරිම වර්ෂ 25ක් හෝ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම යන දෙනෙක් පළමුව එළමෙන කාලය තුල අය කරගත යුතුය

100. රජයේ ණය ලබාදීමේ දී අදාළවන ප්‍රමුඛතා අනුපිළිවෙළ කෙසේවේ ද?

ආපදා ණය
ප්‍රවාහන ණය
ණයගැතිභාවයෙන් මිදීමේ ණය
දේපළ ණය






මුදල් රෙගුලාසි 1

 

 1. රජයේ ආයතනයක්‌ දරණ ප්‍රධාන වියදම්‌ වර්ග 02 කවරේ ද?

පුනරාවර්ථන/ වර්තන වියදම්
මූලධන/ ප්‍රාග්ධන වියදම්


2. පුනරාවර්තන වියදම්‌ යනු මොනවා ද?

නිතර නිතර දැරීමට සිදුවන
වියදමේ ප්‍රතිලාභ දිගු කාලයක් ලබා නොදෙන
වියදමේ ප්‍රතිලාභ වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ලබා දී අවසන් වන
වියදමින් වත්කමක් බිහි නොවන වියදම් පුනරාවර්ථන වියදම් වේ


3. ප්‍රාග්ධන වියදම්‌ හෙවත්‌ මුලධන වියදම්‌ යනු මොනවා ද?

නිතර නිතර දැරීමට සිදු නොවන
වියදමේ ප්‍රතිලාභ දිගු කාලයක් තිස්සේ ලබා දෙන
වියදමේ ප්‍රතිලාභ කෙටි කාලයක් තුල ලබා දී අවසන් නොවන
වියදමින් වත්කමක් බිහිවන වියදම් පුනරාවර්ථන වියදම් වේ


4. විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල්‌ යනු මොනවා ද?

පාර්ලිමේන්තුවේ සම්මත කරන යම්කිසි ව්‍යවස්ථාවක්, නීතියක් අනුව පිහිටුවා ඇති අරමුදල් හෙවත් නියමිත කාර්යයකට නීතියෙන් වෙන් කර ඇති අරමුදල්ය. එම අරමුදලට ආදායම් ලැබෙන ආකාරයත් එයින් වියදම් දරණ ආකාරයත් එම පනතේම සඳහන් කර ඇත.


5. විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල්‌ සඳහා අයවැය ආධාර අපේක්ෂා කරන්නේ නම්‌, අදාළ අමාත්‍යාංශ ලේකම්‌ විසින්‌ අයවැය අධ්‍යක්ෂ ජනරාල්‌ වෙත සැපයිය යුතු තොරතුරු මොනවා ද?

යම් අරමුදලක අරමුදල් ප්‍රමාණවත් නොවේ නම් අදාල අමාත්‍යංශ ලේකම් විසින් අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙතින් අයවැය ආධාර ඉල්ලා සිටිය හැක. පහත තොරතුරු සැපයිය යුුතුය.

අයවැය ආධාරයේ ප්‍රමාණය
අයවැය ආධාරය ඉල්ලීම සාධාරණීකරණය සඳහා හේතු

අයවැය අධ්‍යක්ෂ මෙම තොරතුරු පිළිබඳ සෑහීමකට පත් වේ නම් මෙම ඉල්ලීම කෙටුම්පත් ඇස්තමේන්තුවට ඇතුලත් කරන අතර අදාල අමාත්‍යංශ වැය ශීර්ෂයේ දායක මුදල් හෝ ප්‍රදාන ලෙස මුදල් ලබා දේ.‍


6. ඒකාබද්ධ අරමුදල යනු කුමක්‌ ද?

ඒකාබද්ධ අරමුදල යනු ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාව අනුව නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් නොකළ ජන රජය සතු අරමුදල් වේ.


7. ඒකාබද්ධ අරමුදලින්‌ දරණ ප්‍රධාන වියදම්‌ වර්ග 02 කවරේ ද?

සැපයුම් සේවා වියදම්
විශේෂ නීති සේවා වියදම්


8. සැපයුම්‌ සේවා යටතට වැටෙන ප්‍රධාන වියදම්‌ වර්ග 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වාර්ෂික විසර්ජන පනතෙන් මුදල් වෙන් කරන වියදම්
  2. පරිපූරක ඇස්තමේන්තු යෝජනාවකින් මුලද් වෙන් කරන වියදම්
  3. ආ.ව්‍ය.වේ 150.3, 150.4 මගින් පැවරෙන අධිකාරි බලය යටතේ ජනාධිපතිවරයා මුදල් ඉවත් කරගැනීම්
  4. නිදන් අරමුදලට කරන මාරු කිරීම්
  5. වාර්ෂික පොලී අරමුදලට කරන පොලී ගෙවීම්
  6. ඒකාබද්ධ අරමුදල රැස් කිරීම කළමනාකරණය කිරීම පවත්වාගැනීම සඳහා දරන වියදම්
  7. පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන වෙනත් වියදම්


9. විශේෂ නීනි සේවා වියදම්‌ යනු මොනවා ද?

වාර්ෂිකව පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගැනීම අවශ්‍ය නොවන වියදම්ය.
සැපයුම් සේවාවලට අදාල නීති හැර (එනම් විසර්ජන පනත) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත විධිවිධානයකින් හෝ වෙනත් නීතියක පනතක නිශ්චිත විධිවිධානයකින් හෝ ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතු බවට සඳහන් වියදම් විශේෂ නීති සේවා වියදම්ය.


10. සැපයුම්‌ සේවා හා විශේෂ නීනි සේවා අතර ඇති වෙනස්කම්‌ 2ක්‌ සඳහන්‌ කරන්න.

  1. සැපයුම් සේවා වියදම් සඳහා වාර්ෂිකව පාර පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය වේ. විශේෂ නීති සේවා වියදම් සඳහා වාර්ෂිකව පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවේ
  2. සැපයුම් සේවා වියදම් යනු ප්‍රධාන වශයෙන් වාර්ෂිකව විසර්ජන පනතෙන්, පරිපූරක ඇස්තමේන්තු යෝජනාවලින් හෝ ආ.ව්‍ය.වේ 150.3 හා 150.4 අනුව ජනාධිපති විසින් මුදල් වෙන් කරගැනීම්ය. විශේ නීති සේවා යනු සැපයුම් සේවාවලට අදාල නීති හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත විධිවිධානයකින් හෝ වෙනත් නීතියක පනතක නිශ්චිත විධිවිධානයකින් හෝ ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතු බවට සඳහන් වියදම්ය.
  3. සැපයුම් සේවාවලට අදාල වන්නේ සාමාන්‍ය, අධියාචන සහ විශේෂ වොරන්ට් බලපත්‍රයි. විශේෂ නීතිවලට අදාල වන්නේ විශේෂ නීති හා පරිපූරක විශේෂ නීති වොරන්ට් බලපත්‍රයි.
  4. සැපයුම් සේවාවල මූල්‍යකරණ සංකේතය 11ය. වි‍ශේෂ නීති සේවාවල මූල්‍යකරණ සංකේතය 21ය.
  5. සැපයුම් සේවා වියදම් කෙටුම්පත් විසර්ජන පනතේ සහ විසර්ජන පනතේ ඇතුලත්වේ. විශේෂ නීති සේවා වියදම් කෙටුම්පත් විසර්ජන පනතේ හෝ විසර්ජන පනතේ ඇතුලත් නොවේ.


11. විශේෂ නීති සේවා වියදම්‌ සඳහා උදාහරණ 04ක්‌ දක්වන්න.

  1. ජනාධිපතිවරයොගේ වැටුප, දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ 36
  2. මැතිවරණ කොමසාරරිස්වරයාගේ වැටුප, දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ 103
  3. විගණකාධිපතිවරයාගේ වැටුප දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ 153
  4. ඔම්බුඩ්ස්මන්වරයාගේ වැටුප, දීමනා, විශ්‍රාම වැටුප - ආ.ව්‍යවස්ථාවේ  156
  5. වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් (වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් පනත)
  6. සේවක අර්ථසාධක අරමුදලේ කාර්ය මණ්ඩල වැටුප (සේවක අර්ථසාධක අරමුදල් පනත)


12. ජනාධිපතිගේ අධිකාර බලයකින්‌ ඒකාබද්ධ අරමුදලින්‌ මුදල්‌ වෙන්‌ කරන අවස්ථා 02 කවරේ ද?

  1. ආ.ව්‍යවස්ථාවේ 150.3 - ඊළඟ වසරේ වියදම් දැරීමට විසර්ජන පනත සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉක්මවන දිනය තෙක් කාලයට අදාල රටේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලෙන් වෙන්කර ගැනීමට ජනාධිපතිට හැකියාව ඇත.
  2. ආ.ව්‍යවස්ථාවේ 150.4 - ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් සඳහා දිනයක් නියම කර ඇති අවස්ථාවකදී එම මැතිවරණය සඳහා කලින් ප්‍රතිපාදන සලසා නොතිබුනේ නම් මැතිවරණ කොමසාරිස්වරයා විමසා අවශ්‍යයයි සැලකෙන මුදලක් එකාබද්ධ අරමුදලෙන් වෙන්කර ගැනීමට ජනාධිපතිට හැකියාව ඇත.


13. විසර්ජන පනත්‌ කෙටුම්පත විසර්ජන නීතිය බවට පත්වීමට ඉටුවිය යුතු අවශ්‍යතා 02 ක්‌ සඳහන්‌ කරන්න

  1. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබීම 
  2. කතානායකවරයා අත්සන් කර තිබීම


14. ඉදිරි වර්ෂයේ වියදම්‌ දැරීමට, ආදායම්‌ එකතු කිරීමට, ණය ලබා ගැනීමට බලයදීම හැරුණුවිට, විසර්ජන පනත මඟින්‌ පාර්‌ලිමේන්තුවට නීත්‍යානුකූලව බලය පැවරීමක්‌ සිදු කරන වෙනත්‌ කරුණු 02 ක්‌ සඳහන්‌ කරන්න.

  1. අත්තිකාරම් ගිණුම්වල සීමා  සංශෝධනය කිරීමට මුදල් ඇමතිවරයාට බලය පැවරීම(උපරිම වියදම් සීමාව/ උපරිම හර සීමාව, උපරිම හර ශේෂ සීමාව, උපරිම බැර ශේෂ සීමාව, අවම ලැබීම් හෙවත් අවම බැර සීමාව)
  2. වීරමොන් පටිපාටිය යටතේ ප්‍රතිපාදන මාරු කිරීමට නියමිත බලධාරීන් වෙත බලය පැවරීම


15. අමාත්‍යාංශ ලේකම්ට බලය නොමැති අවස්ථාවල මුලධන වියදම්‌ සඳහා පුර්ව අනුමැතිය ලබාගත යුත්තේ කාගෙන්‌ ද?

රු.මි. 10-100ත් අතර නම් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ජනරාල්ගෙන්
රු.ම්. 100ට වැඩි නම් අමාත්‍ය මණ්ඩලයෙන්


16. අචිනිශ්චිත අවස්ථා අරමුදල පිහිටුවීමට අදාළ පනත කුමක්‌ ද? අරමුදලේ වටිනාකම කොපමණ ද?

1979 අංක 35 දරණ අවිනිශ්චිත අවස්ථා අරමුදල් පනත
රු.මි. 150ක වටිනාකමක් ඇත


17. අවිනිශ්චිත අවශ්‍යතා අරමුදලින්‌ අත්තිකාරමක්‌ සැපයීමට පෙර, සලකා බැලිය යුතු ප්‍රධාන කොන්දේසි 02 කවරේ ද?

  1. ජාතික ආපදාවක් වැනි හදිසි අවස්ථාවක් උදා වී තිබීම
  2. වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හා අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති වීම

අමතර ප්‍රතිපාදන සලසාගැනීමට භාවිතා කල හැකි විකල්ප ක්‍රමවේද නම්; වීරමොන් පටිපාටිය, අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ සංචිත ප්‍රතිපාදනවලින්, පාර්ලිමේන්තුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම


18. අවිනිශ්චිත අරමුදලින්‌ මුදල්‌ සැපයීමට බලය ඇත්තේ කාට ද?

ජනාධිපතිවරයාගේ එකඟතාවය මත අමාත්‍යවරයා වෙත


19. රාජ්‍ය ආදායම යනු කුමක්‌ ද?

ආපසු ගෙවීම අතහැර, රජයට ලැබෙන, ප්‍රතිපූර්ණ ඇතුළු, දළ ආදායම


20. වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

ආ.ක්‍ර.ව්‍ය.වේ. 150.1 මු.රෙ. 90
පාර්ලිමේන්තුවේ සම්මුතියෙන් පසුව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කරගැනීම සඳහා මුදල් ඇමතිවරයාගේ අත්සනින් නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලයි


21. සාමාන්‍ය වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

සැපයුම් සේවා වියදම් සඳහා වෙන් කල ප්‍රතිපාදනවලින් අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව රඳවා නොගත් ප්‍රතිපාදන වැය දැරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලකි.


22. අධියාචන වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

සැපයුම් සේවා වියදම් සඳහා වෙන් කල ප්‍රතිපාදනවලින් අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව රඳවාගත් ප්‍රතිපාදන වැය දැරීමට පසුව තීරණය කලහොත් එම වැය දැරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලකි.


23. විශේෂ වොරන්ට්‌ බලපත්‍රය යනු කුමක්‌ ද?

සැපයුම් සේවා වියදම් සඳහා ‍වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විට, අමතර වියදම් දැරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවෙන් අනුමත කලහොත් එයින් වියදම දැරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන අධිකාරි බලය සහිත ලියවිල්ලකි.


24. විශේෂ වොරන්ට්‌ බලපත්‍රය හා පරිපුරක විශේෂ නීනි වොරන්ට්‌ බලපත්‍රය අතර ඇති වෙනස්කම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

විශේෂ වොරන්ට්‌ බලපත්‍රය

පරිපුරක විශේෂ නීනි වොරන්ට්‌ බලපත්‍රය

සැපයුම් සේවාවලට අදාල වේ.

විශේෂ නීති සේවාවලට අදාල වේ

සැපයුම් සේවාවලට ප්‍රමාණවත් මුදල් නොමැති විට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවෙන් අනුමත කරවාගන්නා අමතර වියදම් දැරීමට මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන අදිකාරී බලය සහිත ලියවිල්ලකි

කෙටුම්පත් ඇස්තමේන්තුවේ විශේෂ නීති සේවා සඳහා වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විට අමතර ප්‍රතිපාදනයක් භාණ්ඩාගාරයෙන් සපයන විටක එයින් වියදම් දැරීමට මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරන අදිකාරී බලය සහිත ලියවිල්ලකි



25. වොරන්ට්‌ බලපත්‍රයක අධිකාර බලය නොමැතිව, ඒකාබද්ධ අරමුදලින්‌ වියදම්‌ දැරිය හැකි අවස්ථා 02 කවරේ ද?

ආ.ව්‍යවස්ථාවේ 150.3 හා 150.4 අනුව ජනාධිපතිවරයා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගන්නා අවස්ථා දෙකයි


26. ප්‍රතිපාදන යනු කුමක්‌ ද?

යම් වැය විෂයක් සඳහා වාර්ෂික විසර්ජන පනතින් සිදු කරනු ලබන කරන මූල්‍යමය වෙන් කිරීම. ප්‍රතිපාදන සීමාව තීරණය කරනුයේ පාර්ලිමේන්තුවයි. එම සීමාව මත පිහිටා කටයුතු කිරීම වැය ශීර්ෂ ප්‍රධානියකු වග බලාගත යුතුය.


27. අක්මුදල්‌ යනු මොනවා ද?

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් වැය ශීර්ෂයක ප්‍රධානියෙකුට අනුදත් ගෙවීම් කිරීම සඳහා නිල බැංකු ගිණුමට වරින් වර නිකුත් කරන මුදල්ය


28. වැය වර්ගීකරණ ඒකක මොනවා ද?

ශීර්ෂය, වැඩසටහන, ව්‍යාපෘතිය, වැය විෂය


29. අය වර්ගීකරණ ඒකක මොනවා ද?

ආදායම් ශීර්ෂය, උප ශීර්ෂය, විෂය, උප විෂය


30. ශීර්ෂයක වැඩසටහන්‌ ප්‍රධාන වශයෙන්‌ දෙකකි. ඒ කවරේ ද?

01 - මෙහෙයුම් වැඩසටහන
02 - සංවර්ධන වැඩසටහන


31. වැය විෂයක්‌ යන්න කෙටියෙන්‌ පැහැදිලි කරන්න.

එක හා සමාන ස්වරූපයේ වියදම්වල එකතුවකි (උදා - අතිකාල හා නිවාඩු දින වැටුප් 1002) වැය විෂයක් ඉලක්කම් 4කින් සංකේතවත් කෙ‍ෙර්. පුනරාවර්තන වියදම් එක් දහස් ඛාණ්ඩයෙන්ද මූලධන වියදම් දෙදහස් ඛාණ්ඩයෙන්ද සංකේතවත් කෙරේ.


32. පරිපුරක ඇස්තමේන්තුවක්‌ යනු කුමක්‌ ද?

වාර්ෂික විසර්ජන පනතින් අයවැය ලේඛණයෙන් වෙන් කල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විටක අමතර ප්‍රතිපාදනයක් වෙන් කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යෝජනාවකි.


33. අග්‍රිම අධිකාර බලය යනු කුමක්‌ ද?

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂයක ප්‍රධානියෙකුට ඊලඟ වර්ෂයේ අනුදත් ගෙවීම් කිරීමට අග්‍රිම සීමාව දන්වා එවන ලිපිය අග්‍රිම අධිකාරී බලයයි.

අනුදත් ගෙවීම් යනු පාර්ලිමේන්තුවෙන් සම්මත කර, මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍ර නිකුත් කර ඇති ගෙවීම්ය


34. අග්‍රිම සීමාව යනු කුමක්‌ ද?

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂයක ප්‍රධානියෙකුට ඊලඟ වර්ෂයේ අනුදත් ගෙවීම් කිරීමට දන්වා එවනු ලබන අග්‍රිම අධිකාරි බලයේ සීමාවයි


35. පරිපුරක අග්‍රිම අධිකාර බලය යනු කුමක්‌ ද?

අග්‍රිම අධිකාරි බලයේ සඳහන් අග්‍රිම සීමාව සංශෝධනය කරමින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් වැය ශීර්ෂ ප්‍රධානියෙකුට එවනු ලබන ලිපිය පරිපූරක අග්‍රිම අධිකාරි බලයයි. පරිපූරක අග්‍රිම අධිකාර බලයක් ලබා නොගෙන අග්‍රිම සීමාව ඉක්මවා වියදම් දැරීමට වැය ශීර්ෂ ප්‍රධානියෙකුට නොහැක.


36. සුළු මුදල්‌ අතුරු අග්‍රිමය හඳුන්වන්න.

කාර්යාලයේ සුළු වියදම් දැරීම සඳහා මාණ්ඩලික නිලධාරියකුගේ ඍජු අධීක්ෂණය යටතේ සිටින නිලධාරියෙකුට නිකුත් කරයි. වර්ෂයේ ආරම්භයේ නිකුත් කරන මෙය දෙසැම්බර් 31 වන දින වන විට පියවිය යුතුය. උපරිමය රුපියල් 25,000 ක් වන අතර වරකට දැරිය හැකි වියදම රුපියල් 5,000 කි. කොටසක් වියදම් වූ පසු පොදු 35 වවුචරය සමග බිල්පත් ඉදිරිපත් කර පොදු 103 ආකෘතිය මගින් ප්‍රතිපූර්ණය කරගත් හැකිය.


37. තත්කාර්ය අතුරු අග්‍රිමය හඳුන්වන්න.

යම් නිශ්චිත කාර්යයක් සඳහා නිකුත් කරන මෙය තමන් යටතේ සිටින මාණ්ඩලික නිලධාරියෙකු වෙත නිකුත් කරයි. උපරිමය රුපියල් ලක්ෂයයි. අදාළ කාර්යය ඇරඹීමට ආසන්න වැඩ කරන දිනයක දී නිකුත් කරන මෙය එම කාර්යය නිම වූ වහාම (දින 10ක්) තුළ පියවිය යුතුයි. ප්‍රතිපූරණය කිරීමක නොමැති අතර ඉතිරි මුදල් තිබේ නම් නැවත ගෙවා පියවිය යුතුය.


38. අඛණ්ඩ අතුරු අග්‍රිමය යනු කුමක්‌ ද?

උප කාර්යාලයක සියළු වියදම් දැරීම සඳහා නිකුත් කරන මෙය භාණ්ඩාරගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය මත මාණ්ඩලික නිලධාරියකුට නිකුත් කරයි. උපරිම ප්‍රමාණයද භාණ්ඩාරගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් තීරණය කරයි. වර්ෂය ආරම්භයේදී නිකුත් කරන මෙය වර්ෂ අවසාන‍යේ දෙසැම්බර් 31 දිනට පියවිය යුතුයි. කොටසක් වියදම් වූ පසුව ‍පොදු 35 වව්චරය සමග බිල්පත් ඉදිරිපත් කර පොදු 103 ආකෘතිය මගින් ප්‍රතිපූරණය කරගත යුතුය.


39. ගබඩාවක ඇති භාණ්ඩ ප්‍රධාන වශයෙන්‌ වර්ග 02 කි. ඒ කවරේ ද?

වට්ටෝරු භාණ්ඩ - දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන භාණ්ඩ
පාර්භෝජ්‍ය භාණ්ඩ - කෙටි කාලයකින් ප්‍රතිලාභ ලබා දී අවසන් වන භාණ්ඩ


40. ගබඩා භාරකරු යනු කවු ද?

භාණ්ඩ ලබාගැනීම, තබාගැනීම, ඇසිරීම, නිකුත් කිරීම
නියමිත පිරිවිතරයන්ගෙන් යුත් භාණ්ඩ ගබඩාවට භාරගෙන ඒවා තොග ‍පොත්වල සටහන් කර පිවිසීමට හා පරීක්ෂාවට හැකි වන සේ අසුරා තබන, නිසි නියෝග යටතේ නිකුත් කරන, නිකුත් කරන ලද්දේ කාටද කුමන ප්‍රමාණයකින් කවර දිනයකදී ද යන්න වාර්තා තබාගන්නා, ගබඩාවේ ගැටළු ගබඩා නිලධාරී වෙත වාර්තා කරන පුද්ගලයායි


41. ගබඩා නිලධාරී යනු කවු ද?

ගබඩාව අධීක්ෂණය කිරීමට බලය පැවරී ඇති නිලධරයායි. ගබඩාවේ ඉඩකඩ, ගබඩා‍වේ භාණ්ඩ, ගබඩාවේ පොත්පත්, ගබඩා භාරකරු අධීක්ෂණය කරන නිලාරියා වන මොහු ගබඩා ගිණුම් පවත්වාගනී.


42. ගබඩාවට සම්බන්ධ ප්‍රධාන පිරිවැය වර්ග 02 කවරේ ද?

  1. භාණ්ඩ ලබාගැනීමේ පිරිවැය - ඇණවුම් පිරිවැය
  2. භාණ්ඩ තබාගැනීමේ පිරිවැය - තොග පවත්වාගැනීමේ පිරිවැය


43. ගබඩා භාණ්ඩ සමීක්ෂණයේ ප්‍රධාන කාර්යයන්‌ 02කි. ඒ කවරේ ද?

  1. පොත් ශේෂය සහ තථ්‍ය ශේෂය පරීක්ෂා කර අතිරික්ත හෝ ඌණතා වාර්තා කිරීම හෙවත් භාණ්ඩවල හරි වැරදි බැලීම
  2. අපහරණය කල යුතු භාණ්ඩ හෙවත් පාවිච්චිට ගත නොහැකි භාණ්ඩ SDRT ලෙස වාර්තා කිරීම


44. ගබඩා භාණ්ඩ සමීක්ෂණ කටයුතු සඳහා උපයෝගී කර ගන්නා පොදු ආකෘතිපත්‍ර 02 කවරේ ද?

භා.හා.ග.ප. 66 - අතිරික්ත හෝ ඌණතා වාර්තා කිරීම
‍පොදු 47 - අපහරණයට සුදුසු භාණ්ඩ SDRT ලෙස වාර්තා කිරීම (S-Sale, D-Destroy, R-Repair, T-Transfer)


45. ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්‌ වන්නේ කවරහු ද?

සියළු අමාත්‍යංශ ලේකම්වරු
අමාත්‍යංශ යටතට නොගැනෙන දෙපාර්තමේන්තු ප්‍රධානීන් (විගණකාධිපති)
විශේෂ වියදම් ඒකක ප්‍රධානීන් (රා.සේ.කො.ස. ලේකම්)


46. පාලන කටයුතු සම්බන්ධයෙන්‌ ගණන්‌ දීමේ නිලධාරියෙකුගේ වගකීම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. අභ්‍යන්තර සෝදිසි ක්‍රමයක් එන ආකාරයට වැඩ බෙදීම හා එහි ක්‍රියාකාරීත්වය වරින් වර ඇගයීම
  2. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මු.රෙ. විධිවිධාන ක්‍රියාත්මක කරන බවට වගබලාගැනීම සහ එසේ ක්‍රියා නොකරන්නේ නම් දෙපාර්තමේන්තු නියෝග නිකුත් කිරීම


47. රජයේ ලැබීම්‌ ක්‍රියාවලියේ දී භාවිත වන ප්‍රධාන ලියවිලි 02 කවරේ ද?

  1. පොදු 118 කුවිතාන්සිය - මුදල් බැඳීමේ වව්චරය (PIV)
  2. පොදු 172 කුවිතාන්සිය


48. බැංකු ප්‍රකාශය යනු කුමක්‌ ද?

දෙපාර්තමේන්තුවේ නිල බැංකු ගිණුමේ මාසය ආරම්භයේ ශේෂය, මාසය තුල හර කිරීම්, මාසය තුල බැර කිරීම්, එක් එක් ගනුදෙනුව අවසානයේ ශේෂය, ඒ අනුව අවසාන ශේෂය දන්ව බැංකුව මගින් දෙපාර්තමේන්තුව වෙත එවන ලියවිල්ලයි.


49. බැංකු සැසදුම්‌ ප්‍රකාශය යනු කුමක්‌ ද?

බැංකු ප්‍රකාශයේ ශේෂයත්, මුදල් පොතේ බැංකු තීරුවේ ශේෂයත් අතර වෙනසට හේතු සොයාබැලීම සඳහා සකස් කරනු ලබන ප්‍රකාශයයි


50. ප්‍රතිග්‍රාහක කාර්යාල යනු මොනවා ද?

මුදල් ලබාගෙන ගිණුම්ගත කිරීමට බලය ඇති කාර්යාල වේ. එකතු කරන මුදල් තම නිල බැංකු ගිණුමේ ගිණුම්ගත කල හැක.


51. ප්‍රතිග්‍රාහක කාර්යාල 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. භාණ්ඩාගාරය
  2. කච්චේරිය
  3. ඒ පන්තියේ දෙපාර්තමේන්තු හා එහි උප කාර්යාල
  4. විදේශ දූත මණ්ඩල


52. ව්‍යාපෘතියක්‌ සම්බන්ධයෙන්‌ අත රැඳවුම්‌ මුදල්‌ නිදහස්‌ කිරීමේ දී අදාළ වන විශේෂ සහතිකය කුමක්‌ ද?

ව්‍යාපෘතිය නිම කර මනාව අවසන් කර ඇති බවටත්, ගිවිසුමේ කොන්දේසි සම්පූර්ණ වී ඇති බවටත්, රඳවාගැනීමේ කාලය සම්පූර්ණ වී ඇති බවටත්, වැඩ ඉංජිනේරුවකු හෝ තාක්ෂණික නිලධාරියකු ලබා දෙන සහතිකයකි.


53. සැපයුම්‌ සම්බන්ධ ගෙවීම්‌ වවුචරයක්‌ සහතික කිරීමට පෙර, සහනික කිරීමේ නිලධාරියා විසින්‌ ලබාගත යුතු විශේෂ සහතිකය කුමක්‌ ද?

නියමිත පිරිවිතරයන්ගෙන් යුත් භාණ්ඩ ගබඩාවට ලැබණු බවටත්, ලැබුණු භාණ්ඩ ‍පොත්වල නියමිත පරිදි සටහන් කරන ලද බවටත් ගබඩා භාරකරු වව්චරය මත තබන සටහනයි


54. නව පත්වීමක පළමු වැටුප ගෙවීමේ දී වච්චරයට ඇමිණිය යුතු ලේඛන 02 කවරේ ද?

  1. පත්වීම් ලිපිය
  2. රාජකාරි භාරගැනීමේ ලිපිය


55. මු.රෙ.269 අනුව, විශේෂ සහනිකයක්‌ ලබාගන යුතු අවස්ථා 02 කවරේ ද?

ජීවත් වන බවට සහතිකය අවශ්‍ය වේ
ඊට අමතරව මුදල් ලබාගත් බවට කුවිතාන්සියක්/ ලිපියක් අවශ්‍ය වේ.
මු.රෙ. 269 - විදේශගත ශ්‍රී ලාංකිකයකුගේ වැටුප ශ්‍රී ලංකාවේදී ගෙවීම, නිවාඩු පිට සිටින නිලධාරියකුගේ වැටුප වෙනත් අයෙකුට ගෙවීම


56. නිවාස දීමනා ලබා ගැනීමට අමුණා ඉදිරිපත්‌ කළ යුතු විශේෂ සහතිකය කුමක්‌ ද?

උපලේඛණගත නිවාස හිමි මාණ්ඩලික නිලධාරියකුට උපලේඛණගත නිවාසයක් දීමට නොමැති නම් ඔහුට නිවසක් කුලියට ගෙන සිටිය හැක. එවිට නිවාස කුලී ඉල්ලා සිටිය හැක. එවිට එම කාලය තුල නිලධාරියා රජයේ නිවාසයක පදිංචිව නොසිටි බවටත්, නිවස ඔහුගේ තනතුරේ ස්වභාවයට ගැලපෙන බවටත් දෙපාර්තමේන්තු ප්‍රධානියා සහතික කල යුතුය.


57. රහස්‍ය ගෙවීමක්‌ සඳහා ලබාගත යුතු විශේෂ සහතිකය කුමක්‌ ද?

රහස්‍ය ගෙවීමක් යනු ගෙවන ලද අය සහ හේතුව නොමැතිව මුදල පමණක් සඳහන් වවුචරයකින් ගෙවීම රහස්‍ය‍ ගෙවීමකි. එවිට වව්චරය මත ජනාධිපති සහ මුදල් ඇමති විසින් මුදල් නිසි ආකාරයෙන් වියදම් කර ඇති බවට තමන් සෑහීමකට පත්වන බවට සටහන් තබා සහතික කල යුතුය.


58. රාජ්‍ය ආදායමෙන්‌ ආපසු ගෙවීමට සිදුවිය හැකි අවස්ථා 04ක්‌ සඳහන්‌ කරන්න.

ආදායම යනු ඒකාබද්ධ අරමුදල වෙත බැර කරන ලද අවස්ථායි

  1. නීතියේ විධිවිධාන යටතේ - යම් නීතියකින් ගෙවීමට නියමිත බලධාරියා නියම කර ඇත
  2. නියමිත මුදලට වඩා වැඩියෙන් අය කර ඇති විට
  3. ඉටු නොකල සේවයකට අය කර ඇති විට
  4. වෙනත් විශේෂ අවස්ථාවලදී


59. නීතියේ විධිවිධාන යටනේ හැර, අනෙකුත්‌ අවස්ථාවල ආදායමෙන්‌ ආපසු ගෙවීමට බලය ඇත්තේ කාට ද?

රු 25000 දක්වා අමාත්‍යංශ ලේකම්ට බලය ඇත. ඊට වැඩි වන අවස්ථාවලදී භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ සතුව බලය ඇත.    


60. වියදම්‌ සම්බන්ධයෙන්‌ බලතල පවරාදීමේ අවස්ථා 04 කවරේ ද?

  1. බලය දීම
  2. අනුමත කිරීම
  3. සහතික කිරීම
  4. ගෙවීම


61. ආදායම්‌ සම්බන්ධයෙන්‌ බලනල පවරා දීමේ ප්‍රධාන අවස්ථා 3කි. ඉන්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. තක්සේරු කිරීම
  2. එකතු කිරීම
  3. 5ගිණුම්ගත කිරීම/ ප්‍රතිග්‍රහණය කිරීම


62. මුල්‍ය බලතල පවරා දීමේ අරමුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. තමන්ට තනිව කල නොහැකි නිසා
  2. නිලධාරීන්ගේ දක්ෂතා නිපුණතාවලින් ප්‍රයෝජන ගැනීම
  3. යෝග්‍ය අභ්‍යන්තර සෝදිසි ක්‍රමයක් නිර්මාණය වන අකාරයට වැඩ බෙදා සිදු විය හැකි වැරදි අනාවරණය කරගෙන වැරදි වංචා වැලැක්වීම
  4. මුදල් රෙගුලාසි අනුගමනය කිරීම


63. විසර්ජන ගිණුම මගින්‌ ඉදිරිපත්‌ කරන ප්‍රධාන තොරතුරු කවරේ ද?

එක් එක් වැය විෂය සඳහා ලද ප්‍රතිපාදන, සත්‍ය වියදම, ඉතිරිය, ඉතිරියට හේතු

වර්ෂ අවසානයේ ඉදිරිපත් කරන මූල්‍ය වාර්තා -
මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය
මූල්‍ය තත්වය ප්‍රකාශය
මුදල ප්‍රවාහ ප්‍රකාශය
ආදායම් ප්‍රකාශය
හිඟ ආදායම් ප්‍රකාශය
වියදම් ප්‍රකාශය
බැරකම් ප්‍රකාශය
අස්ථානගත වූ වව්චර් පිළිබඳ ප්‍රකාශය
හානි පාඩු පිළිබඳ ප්‍රකාශය
අග්‍රිම ගිණුම පිළිබඳ ප්‍රකාශය
තැන්පත් ගිණුම පිළිබඳ ප්‍රකාශය
අත්තිකාරම් ගිණුම පිළිබඳ ප්‍රකාශය


64. වැය ලෙජරය පවත්වාගෙන යාමෙන්‌ අත්වන වාසි 02ක්‌ සඳහන්‌ කරන්න.

පොදු 138A - ලද ප්‍රතිපාදන, වියදම, ඒ අනුව ශේෂය, ශේෂය, වියදම, ඉතිරි ශේෂය
විසර්ජන පනතෙන් වෙන් කල ප්‍රතිපාදන, පරිපූරක ඇස්තමේන්තුවලින් වෙන් කල ප්‍රතිපාදන, වීරමොන් ආදී ක්‍රමවලින් මාරු කරගත් ප්‍රතිපාදන ඇතුළු ලැබීම් ඇතුලත් වේ

  1. ඕනෑම වේලාවක යම් වැය විෂයකට ලැබී ඇති ශුද්ධ ප්‍රතිපාදන දැනගත හැකි වීම
  2. එක් එක් වියදම අවසානයේ ශේෂය සටහන් වන නිසා ප්‍රතිපාදන නොඉක්මවා ගෙවීම් කල හැකි වීම
  3. තව දුරටත් බැඳීම් ඇති කරගත හැකි ප්‍රතිපාදන ප්‍රමාණය දැනගත හැකි වීම
  4. විලම්බීත බැරකම් සටහන් වන නිසා අතපසු වීමකින් තොරව ගෙවීම් කල හැකි වීම


65. මුදල්‌ පොත පවත්වාගෙන යාමෙන්‌ අන්වන වාසි 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. ශේෂය නොඉක්මවා ගෙවීම් කල හැක
  2. බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කිරීමේදී උපයෝගී වේ
  3. වර්ගීකරණ ලේඛණයේ නිවැරදිභාවය පරීක්ෂා කිරීමට උපයෝගී වේ

වර්ගීතරණ ලේඛණය - විවිධ ආකාරයට ලැබෙන ලැබීම් ඇතුලත් කරන ලේඛනයයි
ලැබීම් වර්ග - ආදායම්, අත්තිකාරම්, අක්මුදල්, අධිභාර, තැන්පතු


66. හානි රක්ෂණ සහතිකය යනු කුමක්‌ ද?

මු.රෙ. 392 හිලව් චෙක්පතක් නිකුත් කිරීම හේතු කොටගෙන දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයින්ට යම් අලාභයක්, පාඩුවක්, වියදමක් දැරීමට සිදු වුවහොත් එහි වගකීම ආදායකයා භාරගන්නා බවට පොරොන්දු වී ලබා දෙන ප්‍රකාශයයි


67. අත්තිකාරම්‌ ගිණුම්වලට අදාළ සීමා 04 කවරේ ද?

  1. උපරිම වියදම් සීමාව/ උපරිම හර සීමාව,
  2. උපරිම හර ශේෂ සීමාව,
  3. උපරිම බැර ශේෂ සීමාව,
  4. අවම ලැබීම් සීමාව/ අවම බැර සීමාව

රජයේ නිලධාරීගේ අත්තිකාරම් ගිණුමට උපරිම බැර ශේෂ සීමාව අදාල නොවේ
68. උපරිම හර ශේෂ සීමාව යනු කුමක්‌ ද? එම සීමාව පැනවීමේ අරමුණ කුමක්‌ ද?
ගිණුමේ ආරම්භක ශේෂයට මෙම වර්ෂය තුල නිකුත් කල ණය හෝ වියදම් එකතු කළ විට වර්ෂාවසානයේ උපරිම ශේෂය
වියදම්, ණයගැතියන් පාලනය කිරීම එය පැනවීමේ අරමුණයි


69. අත්තිකාරම්‌ ගිණුමවල සීමාවන්ට බල නොපාන ගනුදෙනු 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. සදොස් හර, සදොස් හර නිවැරදි කිරීමට කරන බැර
  2. සදොස් බැර, සදොස් බැර නිවැරදි කිරීමට කරන හර
  3. ලාභ පාඩු මාරු කිරීමට කරන සටහන්
  4. ස්ථාන මාරු වී එන නිලධාරීන්ගේ ණය ශේෂ ගැලපුමට කරන සටහන්


70. කල්පිත ගාස්තු යනු මොනවාද?

පෞද්ගලික වාණිජ ව්‍යාපාරයක් වූවානම් දැරීමට සිදුවන රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු යටතේ දැරීමට සිදු නොවන වියදම්ය. (ගොඩනැගිලි කුලිය, සේවක කුලී)
මෙම වියදම් සඳහා ගෙවීම් කල‍හොත් ලාභයට ඇතිවන බලපෑම පෙන්නුම් කිරීම සඳහා වාර්ෂික ලාබ අලාභ ගිණුමට යටින් කල්පිත ගාස්තු සටහන් ගිණුමක් පෙන්නුම් කරනු ලබයි


71. වෙළඳ අත්තිකාරම්‌ ගිණුම්‌ සම්බන්ධයෙන්‌ වසර අවසානයේ ඉදිරිපත්‌ කළ යුතු ගිණුම්‌ ප්‍රකාශන මොනවා ද?

  1. වෙළඳ ලාභ අලාභ ගිණුම
  2. ශේෂ පත්‍රය


72. රජයේ නිලධාරීන්ගේ අන්තිකාරම ගිණුම සම්බන්ධයෙන්‌ වසර අවසානයේ ඉදිරිපත්‌ කළ යුතු ගිණුම්‌ ප්‍රකාශන මොනවා ද?

කේවල ශේෂ එකතුව
පාලන ගිණුමේ එකතුව
කේවල ගිණුමේ ශේෂ පාලන ගිණුම සමග සසඳා දැක්වෙන ප්‍රකාශයක්


73. රජයට සිදුවන පාඩු, අලාභයන්ට ඇතුළත්‌ හානි කවරේ ද?

මු.‍රෙ. 102 හි දැක්වෙන හානි
රජයට ලැබිය යුතු ආදායම් අතහැර දැමීමෙන් සිදු වන පාඩු


74. රජයට සිදුවන හානි පිළිබඳව නිලධාරියෙකු වගකීමට බැඳෙන ප්‍රධාන අවස්ථා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. රජයේ නිලධාරියකුගේ වරදක් වංචාවක් ප්‍රමාදයක් අතපසුවීමක් නිසා රජයේ දේපලකට අලාභ හානි සිදු විම
  2. රජයේ නිලධාරියකුගේ භාරයට පත් කර ඇති මුදල්, මුද්දර හෝ වත්කම් සම්බන්ධයෙන්
  3. වෙනත් අයෙකුට මු.රෙ. උපදෙස් පිලි නොපැද කටයුතු කිරීමට නියෝග දීම නිසා සිදු වන අලාභයකට


75. ප්‍රධාන වශයෙන්‌ හානි ලේඛන වර්ග 02කි. ඒ කවරේ ද?

  1. අත්තිකාරම් ගිණුම් කටයුතුවලදී සිදුවන හානි
  2. වෙනත් කටයුතුවලදී සිදුවන හානි


76. හානි සම්බන්ධයෙන්‌ කටයුතු කිරීමේ දී ගණන්දීමේ නිලධාරිගේ සීමා කවරේ ද?

  1. 250,000 නොඉක්මවන හානි
  2. මු.රෙ. 104.2 යට‍තේ වාර්තා කිරීමට අවශ්‍ය නොවන හානි


හානි සම්බන්ධ සීමා


77. පොතෙන්‌ කපා හැරීමේ නියෝගය යනු කුමක්‌ ද?

පොදු 285 ආකෘතිය
හානිය තොග පොත්වලින් කපා හැරිය හැකි බව හෝ, අය වීමට ඇති හර ශේෂයක් කපාදැමිය හැකි බව හෝ අලාභය රජය භාරගත යුතු බව හෝ වන නියෝගයකි. පොදු 285 ආකෘතියෙන් ලබා දෙන මෙහි පිටපතක් විගණකාධිපති වෙත යැවිය යුතුය


78. අතහැර දැමීමේ නියෝගය යනු කුමක්‌ ද?

රජයට ලැබිය යුතු ආදායමක් නොලැබෙන බවට තහවුරු වුවහොත් එය අවලංගු කර දැමීමට නිසි බලධාරියකු විසින් දෙනු ලබන නියෝගය අතහැර දැමීමේ නියෝගයකි


79. අතහැර දැමීම්‌ ප්‍රධාන වශයෙන්‌ කොටස්‌ දෙකකි. ඒ කවරේ ද?

  1. ව්‍යවස්ථාපිත අතහැරදැමීම් - ආදායම් එකතු කිරීමට බලය දෙන ව්‍යවස්ථාවේම ඒ ආදායම ‍නොලැබෙන බවට තහවුරු වන විට අතහැර දැමීමේ නියෝග නිකුත් කල හැකි බලධරයෙකු දක්වා ඇත.
  2. වෙනත් අතහැරදැමීම් - ආදායම් එකතු කිරීමට බලය දෙන ව්‍යවස්ථාවේම ඒ ආදායම ‍නොලැබෙන බවට තහවුරු වන විට අතහැර දැමීමේ නියෝග නිකුත් කල හැකි අයෙක් දක්වා ඇත.


80. භාණ්ඩාගාරයේ කාර්යයන්‌ ප්‍රධාන වශයෙන්‌ කොටස්‌ දෙකකි. ඒ කවරේ ද?

  1. පාලන හා අධීක්ෂණ කාර්යයන්
  2. විධායක කාර්යයන්


81. භාණ්ඩාගාරයේ පාලන භා අධීක්ෂණ කාර්යයන්‌ දෙයාකාරයකින්‌ සිදු කරයි. ඒ කෙසේ ද?

පොදුවේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන ග.නි., ප්‍ර.ග.නි. වෙත උපදෙස් ලබා දීම
යම් විශේෂ අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිිළිබඳ උපදෙස් ලබා දීම


82. අභ්‍යන්තර විගණනයේ අරමුණු 04 ක්‌ සඳහන්‌ කරන්න.

වැවගුහා
මු.රෙ. 133 134

  1. වැරදි හා වංචා වැලැක්වීම
  2. වත්කම් ආරක්ෂාව
  3. ගුණාත්මක තත්වය වැඩි දියුණු කිරීම
  4. හානි පාඩු අවම කිරීම


83. අභ්‍යන්තර විගණනයේ ප්‍රධාන කාර්යයන්‌ 02 කවරේ ද?

  1. මුදල් ගනු දෙනු සම්බන්ධ කාර්යයන්
  2. වැඩ යෝජනා ක්‍රම ව්‍යාපෘති සම්බන්ධ කාර්යයන්


84. වැඩ යෝජනා ක්‍රම හා ව්‍යාපෘති සම්බන්ධයෙන්‌ අභ්‍යන්තර විගණනයේ කාර්යයන්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වැඩ යෝජනා ක්‍රම ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට යොදා ඇති වැඩ පිළිවෙල සාර්ථකදැයි පරීක්ෂා කිරීම
  2. මෙහෙයුම් ගිණුම්කරණ දෘෂ්ඨිකෝණයකින් බලා වාර්තා කිරීම
  3. සංවර්ධන ව්‍යාපෘතිවල කල් පසුවීම් ප්‍රමාද වීම් ඇත්නම් ඒ පිළිබඳව ස්ථානීය විමර්ෂන සිදු කිරීම


85. සංචිත ප්‍රතිපාදන යනු මොනවා ද?

බාධාවකින් තොරව අවිනිෂ්චිත අවශ්‍යතා ඉටු කිරීම සඳහාත්, බාධාවකින් තොරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පවත්වාගැනීම සඳහාත් අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ වැය ශීර්ෂයට අයවැය සහාය සේවා යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන විශේෂයකි


86. සංචිත ප්‍රතිපාදන ඇති කිරීමේ අරමුණු 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. අවිනිශ්චිත අවශ්‍යතා ඉටු කිරීම
  2. බාධාවකින් තොරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පවත්වාගැනීම සඳහා


87. වීරමොං ක්‍රියාපටිපාටිය යනු කුමක්‌ ද?

යම් වැය විෂයක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන විට අතිරේක ප්‍රතිපාදනවල අවශයතාවය එම ශීර්ෂයේම වැඩසටහනක, ව්‍යාපෘතියක, වැය විෂයක ඉතිරි වන ප්‍රතිපාදනයකින් මාරු කරගැනීමේ ක්‍රමය


88. වීරමොං ක්‍රියාපටිපාටිය යටතේ ප්‍රතිපාදන මාරු කිරීමට භාවිත කරන ආකෘති 02 කවරේ ද?

  1. පොදු 271 - වැඩසහනක පුනරාවර්ථන වියදම් වැය විෂයන් අතර මාරු කිරීම
  2. පොදු 233 - අනෙකුත් මාරු කිරීම් සඳහා

වීරමොන් මාරු කිරිම් සාරාංශය
ශීර්ෂ අතර මාරු කිරීම නොහැක

වැඩසටහන් අතර
මූලධන             > මූලධන            - නොහැකිය - එම වැඩසටහනේම හැකිය
පුනරාවර්ථන    > පුනරාවර්ථන    - හැකිය
මූලධන             > පුනාරාවර්ථන   - නොහැකිය
පුනරාවර්ථන     > මූලධන            - හැකිය

වැඩසටහනක් තුල ව්‍යාපෘති අතර
මූලධන             > මූලධන            - හැකිය - භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ගේ අනුමැතිය
පුනරාවර්ථන     > පුනරාවර්ථන     - හැකිය
මූලධන             > පුනාරාවර්ථන    - නොහැකිය
පුනරාවර්ථන     > මූලධන            - හැකිය

වැඩසටහනක් තුල වැය විෂය පන්ති අතර
මූලධන            > මූලධන             - හැකිය - භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ගේ අනුමැතිය
පුනරාවර්ථන    > පුනරාවර්ථන     - හැකිය
මූලධන            > පුනාරාවර්ථන    - නොහැකිය
පුනරාවර්ථන    > මූලධන             - හැකිය



89. සංකේත ප්‍රතිපාදන යනු මොනවා ද?

යම් වැය විෂයක් සඳහා සම්පූර්ණ මුදල් වෙන් නොකර මුදල් වෙන් කල බවට කරන ඇඟවීමකි. එසේ සටහන් කරන්නේ රු. 1000.00ක් ලෙස ප්‍රතිපාදන සටහන් කිරීමෙනි. අයවැය අධ්‍යක්ෂගේ පූර්ව අනුමැතියෙන් තොරව අයවැය ඇස්තමේන්තුවල සංකේත ප්‍රතිපාදන ඇතුලත් කල නොහැකිය.


90. සංකේත ප්‍රතිපාදන ඇති කිරීමේ අවශ්‍යතා 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. විලම්බීත බැරකමකට එළඹීම සඳහා
  2. භාණ්ඩාගාර ආයෝජන සඳහා


91. මු.රෙ. 115 අදාළ නොවන ගෙවීම්‌ 04ක්‌ සඳහන්‌ කරන්න

මු.රෙ. 115 යනු ඇස්තමේන්තුවෙන් කරන ගෙවීම්ය

  1. ආදායමෙන් ආපසු ගෙවීම
  2. තැන්පතුවලින් ආපසු ගෙවීම
  3. හිඟ වැටුප් ගෙවීම
  4. හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම


92. මු.රෙ.218 අනුව, මු.රෙ. 115 කාර්ය පටිපාටිය අනුගමනය නොකොට, ඊළඟ වර්ෂයේ ප්‍රතිපාදනයට වැයභාර කළ හැකි ගෙවීම්‌ 02ක්‌ සඳහන්‌ කරන්න.

  1. වරිපනම් බදු එකතු කරන්නන්ට ගෙවන කොමිස් මුදල්
  2. උප්පැන්න මරණ රෙජ්ස්ට්‍රාර්වරුන්ට ගෙවන දීමනා


93. නැති වූ වචුචර සම්බන්ධයෙන්‌ අවස්ථා දෙකකට අනුව, ක්‍රියාකළ හැකිය. එම අවස්ථා 02 කවරේ ද?

  1. ගෙවීමේ නිර්ව්‍යාජත්වය පිළිබදව සාක්ෂි ඇති විට - අදාල පුද්ගලයාටම ගෙවා ඇති බවට තහවුරුවක් ඇති විට
  2. ගෙවීමේ නිර්ව්‍යාජත්වය පිළිබදව සාක්ෂි නැති විට


94. චෙක්පත්‌ රේඛනය යනු කුමක්‌ ද? එයින්‌ ඇතිවන බලපෑම යනු කුමක්‌ ද?

චෙක්පත මතුපිට වචන ඛණ්ඩයක් සහිතව හෝ රහිතව සමාන්තර රේඛා දෙකක් ඇඳීමයි
එයින් ඇතිවන බලපෑම වන්නේ චෙක්පතට වැඩි ආරක්ෂාවක් ලැබීමත් එය මුදල් කරගැනීමට බැංකු ගිණුමකම තැන්පත් කල යුතු වීමත් වේ


95. චෙක්පත්‌ රේඛනය කළ හැකි ප්‍රධාන ක්‍රම 02 කවරේ ද?

විශේෂ රේඛණය - චෙක්පත මතුපිට සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ අතර බැංකුවක නමක් සඳහන් කිරීම
සාමාන්‍ය රේඛණය - චෙක්පත මතුපිට සමාන්තර රේඛා දෙකක් ඇඳ ඒ අතර බැංකුවක නමක් සඳහන් නොවීම


96. ප්‍රධාන වශයෙන්‌ චෙක්පත්‌ වර්ග 02කි. ඒ කවරේ ද?

  1. රේඛිත චෙක්පත්
  2. විවෘත චෙක්පත්


97. ආදායකයා හැරුණුවිට චෙක්පතකට සම්බන්ධ අනෙකුන්‌ ප්‍රධාන පාර්ශවකරුවන්‌ දෙදෙනා කවුරුන්‌ ද?

අණකරු - ගිණුම් හිමියා
අණලදු - බැංකුව


98. චෙක්පත්‌, මුදල්‌ ඇණවුම්‌ මගින්‌ රජයට ගෙවීමක්‌ කර ඇති කල්හි “මුදල්‌ ඇණවුමකින්‌“ “චෙක්පතකින්‌“ යනා දී වචන පැහැදිලිව ලිවිය යුතු ස්ථාන කවරේ ද?

පොදු 118 මුදල් බැඳීමේ වව්චරය
පොදු 172 කුවිතාන්සිය
මුදල් පොතේ
අදාල උපයෝගී ලේඛණවල


99. දෙපාර්තමේන්තුවක්‌ යැවු චෙක්පතක්‌ ආපසු එම දෙපාර්තමේන්තුවටම ලැබිය හැකි අවස්ථා 04ක්‌ සඳහන්‌ කරන්න.

  1. භාර දිය නොහැකි වීම
  2. භාර නොගෙන ලැබීම
  3. දින දීර්ඝ කිරීම සඳහා
  4. හිලව් චෙක්පතක් නිකුත් කිරීම සඳහා
  5. අවලංගු කිරීම සඳහා


100. මුදල්‌ එකතු කිරීම ගනුදෙනු වර්ග 02කින්‌ උද්ගත වේ. ඒ කවරේ ද?

  1. සාම්ප්‍රදායිකව - රජයට ගෙවන බදු ආදිය. සැලසුම් සහගතව එකතු කරගත හැක
  2. ස්වේච්ඡාවෙන් - අවශයතාවය අනුව කරන ගෙවීම් (මුදල් බැඳ සහතික ලබාගැනීම, උප්පැන්න, විභාග ගාස්තු)





මුදල් රෙගුලාසි 2

 1. රාජ්‍ය මුල්‍ය පිළිබඳ පුර්ණ පාලන බලය හා පොදු පාලනය කවුරුන්‌ සතු වන්නේ ද? පූර්ණ පාලනය - පාර්ලිමේන්තුව පොදු - භාණ්ඩාගාරය 2. පුද්ගල පඩිනඩි ඛ...